Xiao zhan's Pov
පුපුරන්න තරම් දැනුන ඔලුවෙ කැක්කුමත් එක්ක මම ඔලුව අල්ලගෙනම ඇස් ඇරියා.ඉන්නෙ කොහෙද කියන දේ ගැන මට ලොකුවට තේරුමක් තිබුනෙ නෑ.ඒ නිසාම මම ඇස් කරකවලා වටපිට බැලුවා.
වටපිටාවට ඇස් යවපු මට මම මේ ඉන්නෙ හොටෙල් රූම් එකක කියලා තේරුම් ගන්න පුලුවන් වුනා.පපුව මට්ටමට එනකම් පොරවලා තිබුන බ්ලැන්කට් එක පැත්තකට කරපු මම එහෙන්ම ඇදෙන් වාඩි වුනා.
වින්ඩෝ එකෙන් පේන එලිමහන දිහා දැකපු මට රෑ වීගෙන එන්නෙයි කියලා තේරුම් ගන්න බැරි වුනේ නෑ.වින්ඩෝ එකෙන් පේන දර්ශනේ දිහා හැඟීම් විරහිතව තත්පර දෙක තුනක් බලන් හිටපු
මම එහෙන්ම ඇදෙන් බිමට බහින්න උත්සහා කලා. ඒත් දනහිස් වලින් දැනුන වේදනාවත් එක්ක නැගිට්ට හැටිය ආයේම මම ඇදෙන් වාඩි වුනා..
මගෙ ඇස් එහෙන්ම මගෙ දනහිස් ළඟ නැවතුනා.