ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟘

2.2K 328 28
                                    

Wang Yibo's Pov

" මම යනවා පරිස්සමින් හරිද
ඔය ඩබල තව වෙලා ඉන්නවානෙ "

මගෙ නලලට හාදුවක් තියපු jie එහෙම කියලා බැලුවෙ xuan වගේම නියෝ දිහා .

මගෙ නලලට හාදුවක් තියපු jie එහෙම කියලා බැලුවෙ xuan වගේම නියෝ දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔව් තව ටිකක් වෙලා ඉන්නවා jie "

ෂුයා කිව්වෙ හිනා වෙලා.

Gege වගේම reba යන්න ගියපු පාර ආයෙම නාවේ Lulu jie ව තනි කරලා . ඒ වෙච්ච දේ ගැන මමවත් jie වත් ආයේ කතා කරන්න ගියේ නෑ.
පැයකට විතර කිට්ටුව මගෙ ළඟ හිටපු jie හෑන්ඩ් බෑග් එක අතට ගත්තෙ ගෙදර යන්න හිතාගෙන වගෙම ආයේම කෑම හදාගෙන හවස එන බලාපොරොත්තුවෙන්.

" මට ත්‍රිබලව අල්ල ගන්න තියනවා
ඔයා සනීප වෙන්නකො ඉක්මනින් "

Jie එහෙම කියනවත් එක්ක අපි තුන් දෙනා මූණට මූණ බලා ගත්තා.
මං ජපර කලන්තෙ දාලා හිටපු දවස් ටිකේ මුන් දෙන්නා මොනවා හරි නුසුදුසු දෙයක්වත් jie ට කියලාද දන්නෙ නෑ.

" ඒ මොකටද jie "

ඒ නියෝ

" ඒ මොකටද කියලා එතකොට බලාගමුකො "

Jie එහෙම කියලා ආයෙමත් මගෙ පැත්ත හැරුනා.

" ඔයා විවේක ගන්න ඕනෙ තේරුනාද
මම හවස එන්නම්
Jie loves you "

මගෙ මූණ අත ගාන ගමන් jie එහෙම කියනකොට
මගෙ කම්මුල් උඩ තියෙන ඒ අත් මම මගෙ දෝතට අරත්තා.
හිතේ තියෙන ආදරේ එයා වගේ වචන නොකලට මටත් ඕනෙ වුනා jie ට  මගෙ ආදරේ පෙන්නන්න
ඒ හින්දම මම  ඒ සිනිදු අත් වලට සිපුමක් තිබ්බා.

" jie "

මම එයාට කතා කලා.

" ම්ම්...."

" sorry jie මම නිසා ඉස්සරලා ඔයා gege ගෙන් ...."

" ඔයාටයි මටයි ඕවා හුරුයිනෙ didi ඒ නිසා ඒක හිතන්න එපා. අනික මම ඔයාව විශ්වාස කරනවා
Gege කිව්වා වගේ ඔයාගෙයි මගෙයි දෙන්නාගෙම හොට බිම ඇනන දේවල් ඔයාගෙ අතින් සිද්ද නොවෙයි කියලා මම හිතනවා.ඔන්න ඔයා මගෙ නම්බුව රකින්න ඕනෙ තේරුනානේ "

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now