Wang Yibo's pov
විනාඩි හතලිස් පහකට කිට්ටුව වොෂ් රූම් එකේ ගත කරපු මම රෑ කියලා නොබලාම සීතල වතුරෙන් නාගත්තා.මොකද මම උන්නෙ කියාගන්න බැරි තරම් මහන්සියෙන් වෙද්දි මගෙ ඇගට ඕනෙ කලේ සනීප හැඟීමක්.ගතට දැනුන වෙහෙසකර ගතියට සීතල වතුර හොඳ ඔඖෂදයක් වුනා.සැහැල්ලු කොට කලිසම වගේම ටී ශර්ට් එක ඇගට දාගත්තු මම වොෂ් රූම් එකෙන් එළියට ආවා. පොඩි මල සමයම තොටිල්ලට වෙලා සැප නින්දක ඉද්දි මම රූම් එක පුරාම ඇස් යැව්වෙ මගෙ ඇස් පිස්සුවෙන් වගේ හොයන ඒ රූපෙ හොයන් උනත් මට එයාව හොයාගන්න බැරි වුනා. ස්ටූල් එක උඩ කිරි මග් එක තියෙද්දි එයා රූම් එකට ඇවිත් තියනවායි කියන්න මට ඒක සාක්ෂියක් වුනා. කිරි එක තියලා එයා ආයේම කිචන් එකට ගියයි කියලා සැක කරපු මම එයාව හොයන් කිචන් එකට යන්න හැදුවා වුනත් ආයේම හිතට ආපු සිතුවිල්ලක් එක්ක මම බැල්කනි එකට අඩි තිබ්බා.
මම හිතුවා වගේම එයා උන්නා.
නිකන් නෙවෙයි සීමාවක් නොපෙනෙන ඈත අහස දිහාම බලාගෙන.
අහසම එළිය කරන් තරු දාස් ගානක් අහසෙ පායලා තිබුනා වුනත් අහසට ඕනෙම කරන හද පායාලා උන්නෙ මගෙ ළඟ වෙද්දි
සෘන්ගාරයට අත වනන ඒ රූපෙ දිහා මම සම වැදිලා වගේ බලන් උන්නා.මගෙම ටී ශර්ට් එකකින් විලිවහන් හිටපු එයාගෙන් මට පෙනුනෙ පුදුමාකාර සරාගී පෙනුමක්.වෙලාවකට පරිනත වෙන
වෙලාවකට හුරතල් වෙන
තවත් වෙලාවකට යක්ෂා රූඩ වෙන
ඉදලා හිටලා සරාගී වෙන එයා කියන්නෙම තනිකමට miracal එකක්. ඒ රූපේ කියන්නෙම miracal එකක්.එයා ඒ විදිහට ඉද්දි මගෙ පපුවට දැනෙන හැඟීම් විස්තර කරගන්න මම දැනගෙන උන්නෙ නෑ. ඒ රූපේට මොනවා උපමා කරන්නද කියලාවත් මට තේරුනෙ නෑ.දනහිස ළඟට වෙනකම් විතරක් විලි වහන් හිටපු එයාගෙ එකම රෝබුවන් ගහක්වත් නොතිබුම නිරුවත් කකුල් කහ පාටින් දිලිසුනා.
එයා සුදුයි ..
නෑ සුදුයි කියනවාටත් වඩා ගැලපෙන්නෙම එයා කහයි කියන එක .මට ලෝභ හිතුනා.
මගෙ පපුවට දරාගන්න බැරි අසීමාන්තික තෘෂ්නාවක් දැනුනා වගේම ඒ රූපේ ළඟ මගෙ හිත පිස්සු නැටුවා.ලාඳුරු තියෙන මිනිහෙක් වුනත් එයා ළඟ පන ගහනවා එහෙම එකේ හැඟීම් දැනීම් ඕනවටත් වඩා තියෙන මම,
මගෙ ගැන කවර කතාද?