Wang Yibo's pov
" හරිම සිරියාවන්ත දරුවෙක්"
Zhan ගෙ මූණ දෝතට ගත්තු ග්‍රැනි එහෙම කිව්වෙ ඒ මූණ දිහාම බලන් වෙද්දි මගෙ ළඟ හිටපු ෂුයා හැමෝටම හොරෙන් මගෙ අත කෙනිත්තුවා.
" ආව් හු$$"
මම ඇහෙන නෑහෙන ගානට එහෙම කියලා ෂුයාට රැව්වා.
" ආපු ගමන්ම ග්‍රැනීව නම් අල්ලගෙන
කාටද ඉතින් ආඩම්බර "අරූ මගෙ කනට ලං කරලා එහෙම කිව්වා.
සීයා පපා වගේම ග්‍රැනී මෙහෙට ඇවිත් දැන් විනාඩි දහයකට කිට්ටු ඇති ආපු වෙලේ ඉදන් ග්‍රැනීගෙ ඇස් දිව්වෙම zhan ළඟට වෙද්දි අන්තිමට ග්‍රැනී කලේ zhan ව එයාගෙ ළඟට ලං කරගත්තු එක.
හරිම සිරියාවන්ත දරුවෙක් කියන වචන ටික ඔය ග්‍රැනීගෙ කටින් පිට වුනේ කී වෙනි වතාවටද කියන්න මටවත් මතක නෑ. මේ විනාඩි ගානටම ග්‍රැනී කලේම zhan ගෙ විස්තර අහපු එක වෙද්දි ඒ විස්තර අහන ගානේ අපේ සීයා පපා මගෙ දිහා බලලා කින්ඩි හිනාවක් දැම්මා.
නාකි මනමාලයා." මට වැඩක් නෑ"
කවුරු හරි එයාව අගය කරනවා ඇහෙද්දි මගෙ හිතට ඇත්තටම ආඩම්බරයක් දැනුනාත් මම උද්දච්චකමින් එහෙම කිව්වා.
" කාවද බන් ඉතින් උබ ඔය රවට්ටන්නෙ?"
ෂුයා මගෙ කනට ලං වෙලා එහෙම ඇහුවා වගේම මම ෂුයාට රැව්වා.
" එතකොට ඔය දරුවාගෙ දෙමව්පියො මෙහෙ නෙවේ කිව්වා?"
අතේ තිබුන බීම වීදුරුවෙන් උගුරක් බීපු සීයා පපා බරපතල් විදිහට එහෙම ඇහුවා..
" ඔව් මිස්ටර් වන්ග් "
ග්‍රැනීගෙ ළඟින් වාඩි වෙලා ඉන්න එයා එහෙම කිව්වෙ පුදුම තරම් අහිංසක විදිහ.
දන්නෙ නැති මනුස්සයෙක්ට හිතෙන්නෙ ඉතින් හාවෙක් තරම් අහිංසකයි කියලා මමනෙ දන්නෙ ඔය ඔක්කොම බොරු කියලා." තනියම ඔක්කොම කරගන්න පුලුවන්ද පුතු.මම කියන්නෙ අර පොඩි දරුවා එක්ක අමාරුයිනෙ"
Lulu jie අතේ හිටපු පොඩි එකාව ඇස් වලින් පෙන්නපු ග්‍රැනී එහෙම කිව්වෙ zhan ගෙ අතකින් අල්ලගෙන.
අද මෙතන ප්‍රදාන Actor Xiao zhan
වෙනද ග්‍රැනී මගෙ ළඟින් හෙල්ලෙන්නෙ නෑ ඒකට අද ආවාත් හරි මාත් එක්ක කතා කලේ වචන දෙක තුනයි.