Xiao zhan's pov
" හචීස්"
පිට පිට කීවෙනි වතාවටදෝ මන්දා එයාට කිවිසුමක් යද්දි ඒ නහය ජම්බුවක් වගේ රතු වෙලා තිබුනා. එයාගෙ දිහා මරන්කන සයිස් එකේ බැලමක් දාපු මම ,
දඩස්
ගාලා පැන්ට්‍රි කබඩ් එකෙ දොර වැහුවා.
" මාත් එක්ක තියන තරහා බඩුමුට්ටු පිට යවන්න එපා බබා"
පැය භාගෙක වෙලේ ඉදන් හචිස් හචිස් ගගා හිටපු මගෙ ලාබාල පෙම්වතාට හචිස් නිසාම හෙම්බත් වෙලා හිටියා වුනත් කටේ හයිය පෙන්නුවා මම එයාට රැව්වා.
වෙච්ච හිත් වේදානාවෙන් එයාගෙ තුරුලෙ නින්ද ගියපු මට පාන්දර තුනට විතර ආයේම ඇස් ඇරුනෙ මගෙ පොඩි එකා පාන්දර ජාමේ මරලතෝනී දුන්න නිසා වෙද්දි එයාගෙ කටහඬට පින් සිද්ද වෙන්න මගෙ ලොකු බබාටත් ඇහැරුනා.පොඩි එකාට කිරි එකකුත් පොවලා පැය භාගයක් විතර යද්දි ආයේම නින්ද ගියා
වුනත් කොහෙදෝ තිබුන හච්චිමක් ඇවිත් මගෙ ලොකු බබාගෙ නින්ද හොරකම් කරගෙන තිබුනා.
දැන් අඩුවෙයි දැන් අඩුවෙයි කියලා හිතුනාත් හචිස් හචිස් ඉවරයක් නැති වෙද්දි ළඟ තිබුන බෙහෙත් පෙති කිහිපයක් මම එයාට දුන්නා." ඕවාට කියන්නෙ පණ්ඩිතකම්නෙ bobo
ඕවා තනිකරපණ්ඩිතකම්.මම අහද්දි මොකක්ද කිව්වෙ ජොෂ්තර ළඟ ඉද්දි ලෙජ හැදුනාම මොකජ යැයි යැයි තමා දැන් හරිනෙ අමාරුව"1346789 වතාවටත් එකම වචන ටික රිපීට් කරපු මම ආයේම ඒ වචන ටික කිව්වා වගේම එයාගෙ මූණ ඇද වෙලා ගියා.
උදේ ඉදන් Ac එකේ ඉදලා ගෙදර ඇවිත් මහා රෑ සීතල වතුර නාලා පැයක් විතර බැල්කනි එකේ ඉදන් හුළං වැදලා දැන් උඩට අදිනවා.ඉතින් පණ්ඩිතකම් නෙවේද?
" අනේ බබා දැන් ඇති අනේ"
තාම බේත් පෙති අරගෙන පැය භාගයක් වගේ .තව ටිකකින් අඩුවෙලා යයි. ඒත් ඔය විදිහට ඇදට වෙලා උන්නායි කියලා නින්දකුත් නැති එකේ මම එයාවත් අඩගහගෙන කිචන් එකට ආවේ කිරි එකක් හදලා දෙන්න හිතාගෙන වෙද්දි kichen island එකේ වාඩි වෙලා ඉන්න එයා මගෙ කච කචේ අහගෙන ඉදලා ඉදලා බැරිම තැනද කොහෙද එහෙම කිව්වා.