Wang Yibo's pov
" මේ පැය ගානට කොහොමද බන් මේ රෙද්ද ඉවර කරන්නෙ"
ලැප් එකට ඔලුව ඔබන් හිටපු මම දත් මිටි කෑවා.
" ඊයේ රෑ හරි මට ඕක මතක් උන එක ලොකු දෙයක් යකෝ"
පොතක් පීර පීර හිටපු ෂුයා කෑගැහුවා.
මීට දවස් ගානකට කලින් දීපු group assignment එක භාර දෙන්න තියන දවස අද වෙද්දි මුල් දවස් දෙකෙ
ගැම්මටම පටන් ගත්තා වුනත් එතනින් පස්සෙ group assignment එකක් දුන්නද කියන්නවත් මතකයක් අපේ මතකෙ තිබ්බෙ නෑ. ඊයේ පාන්දර දොළහට විතර ෂුයාගෙ මැසේජ් එකක් එද්දියි group assignment එක මතක් වුනේ.නියෝ ඒ වෙනකොටත් නිදි ඒ පාන්දර ෂුයායි මායි මොනවා කරන්නද? පුලුවන් තරම ගොඩ දාන්නම් ඉතුරු ටික යුනි ඇවිත් ගේමක් ගහමු කියලා අවසානෙ ෂුයා යෝජනා කලා.මාත් ඉතින් ඒක ස්ථිර කලා.එවලෙ ෂුයාට බර පටවන්නෙ නැතුව ඉන්න මට බැරි වුනා අඩුම මගෙ ළඟ ලැප් එකවත් තිබ්බෙ නෑනේ.ඉතින් අද උදේ එයාගෙ ගෙදර ඉදන් යුනි ආවා හැටිය cafeteria එකට රිංග ගත්තු අපි තුන් දෙනා එතන ඉදන් assignment එකට යට වුනා. ඒත් ඉතින් මම හිතන්නෙ නෑ තව පැය එක හමාරක් විතර යද්දි මේක ඉවර කරගන්න අපිට පුලුවන් කියලා.
කමක් නෑ උත්සහායනෙ වටින්නෙ.
මම කිව්වා ඒ දවස් වලම වෙන උන්ගෙ එකක් උස්සලා ඒක වෙනස් කරමු කියලා ඒත් ඉතින් මුන් දෙන්නා වැඩේට කැමති උනේ නෑ මහන්සි වෙලා කරන්න ඕනෙ කියලා.දැන් ඉතින් සැප. උන් දෙන්නා විතරක් මහන්සි වෙනව නම් සංස්කෘතිකයි එකඟයි මටත් පු$ කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙද්දි තමා මට මුන් දෙන්නවාත් මරලා මටත් මැරෙන්න හිතෙන්නෙ." Yibo උබට කෝල්"
මගෙ පෝන් එක අතේ තියන් assignment එකට ඕනෙ කරන Details වගයක් හොය හොය හිටපු නියෝ එහෙම කිව්වා.
" කාගෙන්ද"
ලැප් එකටම මූණ ඔබන් හිටපු මම වැඩි ගනනකට නොගෙන කාගෙන්ද ඇහුවෙ වැදගත් කෝල් එකක් නෙවේ නම් කට් කරලා දාන්න කියන්න හිතාගෙන වුනත්,
" උබගෙ මලගෙන්"
නියො එහෙම කියද්දි ලැප් එකෙන් ඇස් අහකට ගත්තු මම පුදුමෙන් උගෙ දිහා බැලුවා.
" කවුද zhan ගෙන්"
මම ඇහුවෙ පුදුමෙන්.
එයාගෙන් කෝල් එක්ක කිව්වාම කාටද පුදුම නොහිතෙන්නෙ.