ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟘𝟟

2.1K 343 18
                                    

Wang Yibo ' s pov

"  උබ මල් bouquet එකක් ගනින් හරිද
නිකන් යන්න එපා අත වන වන "

" එහෙමත් කරන්න ඕනෙද "

ෂුයා මල් bouquet එකක් අරන් යන්න කියනකොට මම ඇහුවා " එහෙමත් කරන්න ඕනෙද" කියලා.
වෙන දෙයක් නිසා නෙවේ ඇත්තටම ඔය වගේ දේවල් ගැන මම ලොකුවට හිතෙන්නෙ නැති නිසා
අනික ඒක ටිකක් ටු මච් වගේ.මගෙ තත්වෙට වුනත් .....
අනේ මන්දා ඉතින් ගෙනියන්න කියනවා නම් ඉතින් ගෙනියන්නම එපැයි.මං වගේ නෙවේ උන්ට අත්දැකීම් තියනවානෙ.

" ඔව් ඔව් ඕනෙ
Hospital එක ඉස්සරහා flower shop  එකක් තියනවා ඒකෙන් ගනින් "

නියෝ එහෙම කියනකොට මම
කාර් එකෙ ඉදගෙනම වට පිට බැලුවෙ flower shop එකක් තියනවාද කියලා. එතකොටයි මගෙ ඇස් වලට පාරෙන් එහා පැත්තෙ තියන Flower shop එක අහු වුනේ.

" හ්ම්....ඒත් රෝස මල් පොකුරක්ද ගන්න ඕනෙ "

"  උබට ඕනෙ නම් තනි රෝස මලක් දෙන්න පුලුවන්
තනි රෝස මලක් දෙනවා කියන්නෙ love at first sight කියන එක. නැත්නම් first love එක නිසා ටියුලිප් වගේ මල් bouquet එකක් දෙන්න පුලුවන් "

මල් කියන්නෙ භාෂාවක්
සමහර හැඟීම් ළඟ හිත දොඩමළු වුනාට කට ගොළු වෙනවා අන්න ඒ වගේ වෙලාවට මල් කියන්නෙ හොඳම භාෂාවක්
මල් කියන්නෙ හැඟීමකට

මම මල් වල භාෂාව ගැනවත් මල් ගැනවත් දන්න ලබ්බක් නැති වුනාට මම දන්නවා ටියුලිප් මල් ගැන
මට ආදරේ ගැන අංශු මාත්‍රෙක දැනුමක් නැති වුනාට මම දන්නවා ටියුලිප් මලක ආදරණීයම පැත්ත ගැන

ඉතින් මට අනුව
ආදරේ කියන්නෙම ටියුලිප් මලක්
එකම එක වතාවක් හිතට දැනෙන
මොන තරම් හිත් පහු කලත් එකම එක හිතක් ගාව විතරක් නවතින

ඩේසී මල් යායට පිපිලා ඕඩිකොලොන් සුවඳ බෙදන්නෙ වසන්ත ඍතුවක වුනත්
වසන්තයක අගය වැඩිපුරම දන්නෙ ටියුලිප් මල්
මොකද ටියුලිප් මල් බලන් ඉන්නවා
වසන්තයක් එනකම්ම දිග ඇරෙන්න
මොන තරම් ඍතු පහු කලත් ටියුලිප් මලක් දිග ඇරෙන්නෙ වසන්තයක විතරයි
ටියුලිප් මලක් කියන්නෙ ආදරණීයම හැඟීමක්

ඉතින් වසන්ත ඍතුවක අයිතිය වැඩිපුරම තියෙන්නෙ පළාතක් සුවඳ කරන ඩේසි මල් වලට වඩා වසන්තයක් එනකම් පෙරුම්පුරන ටියුලිප් මලකට

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Où les histoires vivent. Découvrez maintenant