Xiao zhan's pov
A month ago
" gege හදිස්සියෙම මාව මීට් වෙන්න ආවේ?"
කැෆේ එකේ වීදුරුවෙන් එළිය බලන් හිටපු kuan gege ගෙන් මම එහෙම ඇහුවෙ කුතුහලෙන්.
ඊයේ Yibo ගෙ බර වචන නිසා හදවත වේදනාවෙන් පිරිලා තිබුනත් උදේම මම Hospital ආවා..
හිත කිව්වෙම කොහෙ හරි මුල්ලක් බදාගෙන අඩන්න කියලා වුනත් ඒකෙන් වෙන්නෙ මගෙ දුක තව තව වැඩි වෙන එක කියලා මම දැනගෙන හිටියා. වැඩත් එක්ක බිසී වුනාම ඔලුවෙ තියන විකාර ඉබේම අමතක වෙලා යාවී කියලා හිතපු මම Hospital ආවා.
ඒ ආවා වුනත් සැරින් සැරේ Yibo ගෙ වචන මගෙ ඔලුවෙ හොල්මන් කරන්න ගත්තා.කෙනෙක් නිසා මේ තරම්ම මාව අවුල් වෙලා ගියපු පළවෙනි වතාව මේ.මට ඕනෙ වුනේ අඩන්නම විතරක් වෙද්දි තව දුරටත් ඔලුව නිරවුල්ව තියන් hospital එකේ ඉන්න බෑ කියලා තේරුන මම හදිස්සියෙම ලීව් එකක් ඇපෲ කරගත්තෙ ආපහු ගෙදර යන්න හිතුව නිසා වුනත් මාව මීට් වෙන්න Hospital එක ළඟට ආපු kuan gege නිසා ඒක කරගන්න මට බැරි වුනා..එයාට මාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වා. හේතුවක් නොදැන උන්නා උනත් එයා එහෙම කියද්දි නොදැනීම මගෙ හිතට බයක් ඇති වුනා.එහෙම්ම kuan gege එක්ක මම කැෆේ එකට ආවා ඒත් මගෙ හදවත ඕනවටත් වඩා කලබලයි. Gege ගෙ මූණෙ තිබුන බරපතල පෙනුමක්. ඒ පෙනුම මාව තවත් කලබල කලා වගේම නොසන්සුන් කලා.
එයා මේ කතා කරන්න හදන්නෙ Yibo ගැනදෝ කියලා මගෙ හිත ඉඟි කලා.. බැරි වෙලාවත් gege මේ කතා කරන්න යන්නෙ Yibo ගැන නම් මම දන්නෙ නෑ මම
කොහොමද ඒකට ෆේස් කරන්නෙ කියලා." හ්ම්....."
Gege බර හුස්මක් පිට කරලා මගෙ දිහා බැලුවා..
ඒ බැල්මත් එක්ක මාව ගැස්සිලා ගියා.
අපි කැෆේ එකට ඇවිත් දැන් විනාඩි දහයකට කිට්ටු ඇති ඒත් gege තවම එක වචනයක් කතා කලේ නෑ.
Gege ගෙ ඒ බර හුස්ම එක්ක මට තේරුනා එයා හදන්නෙ කතාවට මුල පුරන්න කියලා.gege කතා කරන්න යන මාතෘකාවක් නොදැන හිටපු මම ඒ මම හිතන මාතෘකාව නොවෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන් ගැහෙන හිතින් gege දිහා බලන් හිටියා." ඊයේ මොකද වුනේ?"
තත්පර දෙක තුනක් මගෙ දිහා බලන් හිටපු kuan gege ගෙවිච්ච ඊයේ දවස ගැන ඇහුවා.මගෙ හිත කියපු දේම ඒ විදිහට වෙද්දි මම නොසන්සුන් වුනා...