Chapter 94

952 95 8
                                    

Wang Yibo's Pov

" හැම මඟුලටම පනින්නෙ නැතුව පාඩුවෙ හිටපල්ලාකො"

මගෙ ඉස්සරහා වාඩි වෙලා ඉන්න නියෝ වගේම ෂුයා දිහා බලපු මම නුරුස්නාවෙන් එහෙම කිව්වා.

" ඔව් උබට තනියම බුදු වෙන්න.
උබ කරපු දේවල් අමතක නෑ හරී"

වටපිට බලපු නියෝ මගෙ පළු යැව්වා.

" හරි දැන් ඇයි උබලා මෙහෙ ආවේ?"

" අපි කොහොමත් මෙහෙට ආවා ගියා.
අද විශේෂෙන් ආවේ උබ නිසා"

සක්කිලි ෂුයා එහෙම කියද්දි මට මුන් දෙන්නාට දෙකක් ඇණ ගන්න බැරිව අසරණ වුනා.

" මමා ගේන දෙයක් බීලා
ගෙදර පලයන්ලා"

ආවේ කවුද බලන්න එයාගෙ පස්සෙන්ම පහළට ආපු මට ඇවිත් හිටපු නියෝ වගේම ෂුයා දැක්කාහම හොම්බට අනින්න හිතුනා. එනවා මෙතන උදේම ගෙවල් අස්සෙ රිංගන්න. ඒ ආවාත් කමක් නෑ මගෙ මැණිකෙ උන් එනවාට කැමතී නම්. එයාට මුන් දෙන්නව පේන්න බෑ.හරි හරි මාවත් පේන්න බෑ තමෛ.නියෝ වගේම ෂුයාව දැකපු එයා නම් ආයේම හැරිලා රූම් එකට ගියා.එයාගෙන් මුන් දෙන්නාට ලැබෙන කුඩම්මාගෙ සැලකිලි උන්ට දැන් හොඳට හුරුයි.අවුරුදු එක හමාරක් තිස්සෙනෙ ඔය.ඩෙනීයට වගේ තමයි. කේස් නෑ. කේස් තිබ්බාත් මට වගේම මුන් දෙන්නාටත් ලැජ්ජා නෑ.
එයාගෙ මමා මේකුන් දෙන්නාව මල් මාල දාල පිළිගත්තා. අවුරුදු එක හමාරක් තිස්සෙ එයාව යාලුකරගන්න පස්සෙන් ඇවිත් ඇවිත්ම දැන් මමා මේ ගස් බල්ලො දෙන්නාගෙ බොක්කෙ පිට් එක වෙලා.කොහොම වුනත් ඉතින් මට තියන එකම සතුට එයාට මාව වගේම මේ පගයි දෙන්නාවත් දෑහෙට පේන්න බැරි එක. ඒක මොන තරම් සතුටක්ද? ඒත් එයා මුන් දෙන්නා එක්ක තරහා වුනත් හරි මුන් දෙන්නාගෙයි මගෙයි තිබ්බ මිත්‍රත්වෙත් පළුදු වෙලා ගියා.මම නෙවෙයි මේ ඇට වල්ලො තමයි මාත් එක්ක තරහා වුනේ.අනේ මට පාඩු වෙයි.

" බලන් හිටපන්කො යනකම්"

නියෝ ආයේම කුටු කුටු ගාන්න ගත්තා.

Ewww මේ බේසිකයාට පුදුම අමාරුවක් තියෙන්නෙ.

" නියෝ උබේ කට වැඩී හරී"

එයාත් එක්ක තනියම දවස ගෙවලා දාන්න ප්ලෑන් කරන් හිටපු මට මුන් දෙන්නාගෙ මේ හදිසි පැමිණීම මහා බාදකයක් වුනා.එයා මාව ගණන් ගන්නෙ නෑ තමයි ඒත් බලෙන් හරි අස්සෙ ගැහි ගැහි ඉන්න තිබුනානෙ. ඒත් Http ලා නිසා දැන් ඒකත් නෑ.
වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම මුන් යාලුවා.
හු&න යාලුවො.මට මේ තිරිසන්නු දෙන්නා එක්ක පුදුම තරහාක් තියෙන්නෙ.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now