Wang Yibo's pov
පාන්දර එයා මාව බ්ලොක් කරත් හරි තිබ්බ ප්‍රශ්නෙට අමතරව තවත් ප්‍රශ්නයක් මගෙ ඔලුවට වැටුනා.
පීඩනේ වැඩිකමටම
රැයක් පුරාවටම ඇහැරන් හිටපු මම නිදිමත බේරෙන ඇස් වලින් යුනි ආවා.බයික් එක පාර්ක් කරලා කෙලින්ම lecture hall එකට ගියෙ අරුන් දෙන්නා දැනටමත් lecture hall එකේ කියලා දැනගෙන හිටපු නිසා
මම ඇතුලට යනවාත් එක්ක lecture hall එකේ කෙලවරේම වාඩි වෙලා මං එනකම් බලන් හිටපු අර අපතයො දෙන්නා මට අත වැනුවා වගේම මම උන් දෙන්නා ළඟට ගිහින් නියෝගෙ එහා පැත්තෙන් වාඩි වුනා.
" Good morning බොසා"
" Good morning"
හිනා පොදක් නැතුව මම උන් දෙන්නාට good morning කිව්වා
" මොකද බන් මූණට වෙලා තියෙන්නෙ
උබ නිදාගත්තෙ නැද්ද"එම්බාම් කරලා වගේ තියෙන මගෙ මූණ දිහා බලාගෙන ෂුයා එහෙම අහද්දි මම ඔලුව වැනුවෙ ඔව් කියන්න
" අල්ල පෙන්නපන්..."
නියෝ මට එහෙම කියද්දි මමත් ගොනා වගේ උගෙ පැත්තට මගෙ අත දිග් කලා.
ඌ මගෙ අල්ල විපරන් කරද්දි ෂුයා වගේම මම ඌ දිහා බලන් හිටියෙ ඒකා මොන ඉටිගෙඩියක්ද මේ කරන්නෙ කියන කුතුහලෙන්.