Wang Yibo's pov
" එහෙනම් අපි යනවා didi "
පොඩි සමයවම baby carrier දාන් අපේ කාර් එක ළඟ හිටගෙන මූණ බෙරිකරන් ඉන්න එයාගෙ ඔලුව අතගාපු gege එහෙම කියද්දි ඒ බෙරි වෙලා තිබුන මූණ තව තව බෙරි වුනා.
ලන්ච් එකෙන් පස්සෙ පැය දෙක තුනක් එයාගෙ ගෙදර රැදිලා හිටපු අපි හවස හතරට විතර එහෙන් එන්න ලෑස්ති වුනේ එයාගෙ හිනාවත් හොරකන් කරගෙනමයි.
මගෙ බෝම්බෙට දුක හිතිලා අපි ආපහු යන එකට.එයාට පාළුයිලු අපි ගිහාම.අපි කිව්වාට ඉතින් මම නෑ හරිද
මං යනවා කියලා එයාට ඉතින් ගානක් වෙන්න විදිහක් නෑනේ.එයාට දුක හිතිලා තියෙන්නෙ එයාගෙ gege යි jie ලා දෙන්නයි යන එකට.
ඒ කොහොම වුනත් මුලු දවසම එයා එක්ක හිටපු මට නම් වෙලාව යනවා තේරුනේවත් නෑ.
මේ කාලේ පුරාවටම එයාගෙයි මගෙයි ඇස් සැරෙන් සැරේ පැටළුනා ඒ හැම වෙලාවකම එයා ඉක්මනින් මගෙන් ඇස් මුදව ගත්තෙ ලැජ්ජාවෙන් රතු වෙලා වෙද්දි මට එයාව කිස් කරන්න හිතුන වාර අනන්තයි අප්ප්‍රමානයි.
Gege ලා එක්ක ගිරවෙක් වගේ කියපු එයා මාත් එක්ක නම් කතා කලේ නැතිම තරම් .කතා කලත් කතා කලේ උවමනාවකට විතරයි.ගැස්සිලි පැද්දිලි නම් අඩුවක් වුනේ නෑ.මම ඉතින් අසරණයා වගේ ඔය හැම ලොකුකම බලාගෙන මගෙ පාඩුවෙ එයාව රසවින්දා." අපි ආයේ එන්නම්කො
Gege නම් දිගටම බිසි reba ෆ්‍රී වෙච්ච හැටිය අපි දෙන්නා එන්නම්කො "එයාගෙ කම්මුලක් අත ගාපු Lulu jie එහෙම කියද්දි එයාගෙ මූණට හරි ලස්සන හිනාවක් ආවා. ඒ හිනාවත් එක්ක ආයේමත් මගෙ හිත පිරුනා.
මගෙ කකුල් අත පය කඩනවා කියලා තර්ජනේ කලාට මගෙ මැණිකෙ හරි සංවේදි
එයාට ඉතින් ඔය බට කොළ ආච්චි වැහෙන්නෙ මගෙ වැඩ නිසා මිසක් නැත්නම් එයා අහිංසකයි.