Wang Yibo's pov
එයාව gege ගෙ ගෙදරින් දාපු මම කෙලින්ම Qingpu ආවා.
( මේ වගේ කියලා හිතන්න )
Friend's House කියලා තඩි අකුරු වලින් ගහලා තිබුන board එක දිහා මම තත්පර ගානක් බලන් උන්නා.
පුංචි කාලේ ඉදන් reba ගෙ හිතෙ තිබුන හීනෙ මගෙ ඇස් ඉස්සරහා බැබලි බැබලි තිබුනා.
ඒ හීනේ යථාර්ථයක් කරන්න මම මාස ගානක ඉදන් වෙහෙසුනා.Friend's House
ඒ තමයි Reba ගෙ අවුරුදු ගානක හීනේ
මමා පපා නිසා මරගාත්තු හීනේ.
අද ඒක යථාර්ථයක් වෙනවා.දැනටමත් සම්පූර්ණම වැඩ ඉවර වෙලා තියන Friend's House දිහා මම බලන් උන්නෙ දිලිසෙන ඇස් වලින්.
කාලේකට කලින් reba මගෙ ඉස්සරහා එයාගෙ හීනේ වචන කලා. මම හිතනවා Friend's house එයාගෙ හැම වචනෙකට සාදාරණයක් ඉෂ්ට කරලා තියනවා කියලා. එදා Reba ගෙ හිතේ ඉදිවෙලා තිබුන cafe එකේ නම වුනේ Friend's house. මම ඒ නම ඒ විදිහටම ගත්තා. Friend's house කියන්නෙ හරිම simple වගේම unique cafe එකක්.අද ඉදන් මේ තැනට එයාට භාරයි.
" යමන් නෙහ්"
Friend's house දිහා බලන් කල්පනා ලෝකෙක අතරමන් වෙලා හිටපු මම පියවි සිහියට ආවේ නියෝගෙ කට හඩින්.
" ම්ම්....
හැමදේම හරි නේද?
I mean අපිට මඟ ඇරිච්ච තැනක් එහෙම නෑනේ?"නියෝගෙ පැත්තට හැරුන මම එහෙම ඇහුවා.
මට ඕනෙ නෑ මෙතන පොඩිම අඩුපාඩුවක්වත් තියනවාට. අද හවසට reba ට මේක භාර දෙද්දි චූටිම අඩුපාඩුවක්වත් මෙතන තියෙන්න බෑ. හැමදේම perfect වෙන්න ඕනෙ.
ෂුයා වගේම නියෝ උදේම මෙතනට ඇවිත් අඩුවක් පාඩුවක් නෑ කියලා Conform කලා වුනත් මගෙ හිතට තිබුනෙ දෙගිඩියාවක් ඉතින්
Zhan ව gege ගෙ ගෙදරින් දාලා මම කෙලින්ම මෙතනට ආවේ මමම හොයලා බලන එක හොඳයි කියලා හිතුන නිසා.