Xiao zhan's Pov
ඇඟට දැනෙන අපහසුවත් එක්ක මම ඇස් ඇරියා.මම ඇස් ඇරපු තත්පරේට දැක්කෙ මගෙ පපුව අස්සෙ තියෙන එයාගෙ මූණ වෙද්දි මගෙ තොල් අගට හිනාවක් මතු වුනා.
මුලු ඇගම තලලා දාපු ගානයි.
ඊයේ එයාගෙ ළඟ කට වරද්ද ගත්තු මට උනේ පැය ගානක් එයාගෙ ඇඟට යට වෙලා කෙඳිරි ගාන්න ඉතින් ඇගට දැනෙන තෙහෙට්ටුව පුදුමයක් නෙවෙයි.එයා උන්නෙත් මගෙ ඇඟ උඩමයි.ඇඟට මොන තරම් අමාරුවක් දැනුනාත් මාව වෙලාගෙන ඉන්න එයාව මට පැත්තකට කරන්න හිතුනෙ නෑ.මම එහෙන්ම එයාගෙ කෙස් අස්සෙ මගෙ ඇඟිලි තුඩු අරගෙන ගියෙ ඊයේ රෑ ගැන මතක් කරන ගමන්මයි.
" මෝඩ ඌරා ඊයේ මාව කෑව"
එහෙම හිතන ගමන්ම මම තව ටිකක් බ්ලැකට් එක උස්ස ගත්තා.ඒත් මගෙ පපුව තිබුනෙ එළියට නිරාවරණය වෙලා මොකද මම බ්ලැන්කට් එක පපුව මට්ටමට එනකම් ගෙනාවොත් මගෙ මේ පපුව උඩ නිදන් ඉන්න ඌරු පැටියාගෙ ඔලුවෙ ඉදන් වැහිලා යනවා. එයයි මායි තවම උන්නෙ නිරුවතින්.එයයි මායි කිව්වාට එයා නම් ශෝට ඇදගෙන උන්නෙ.මම නම් ඉතින් උපන් ඇඳුමෙන්.මොකද මගෙ robe එක තිබුනෙ එළියෙ.ඇයි ඉතින් ඊයේ රෑ සෙස්සි කෑල්ල වගේ මම එතනනෙ robe එක ගලවලා දැම්මෙ.
එයාගෙ බෙල්ල උඩ රතු වෙලා තියෙන මගෙ දත් පාරවල් උඩ මම මගෙ ඇඟිලි අරගෙන ගියා.බ්ලැන්කට් එක ටිකක් පහළට කරපු මම එයාගෙ පිට දිහා බැලුවා. තනිකරම බතික් වගේ.
මම එහෙන්ම මගෙ නියපොතු ටික දිහා බැලුවා." පව් හැබැයි"
කමක් නෑ ඊයේ රෑ මාව භාගෙට මැරුවෙ.මගෙ නියපොතු ටික කොන්දෙ හිටියා කියලා මක් වෙනවාද.අනික මීට වඩා එහෙනම් එයාගෙ දත් පාරවල් ඇති මගෙ ඇගේ.