Wang Yibo's pov
Hospital කාර් පාර්ක් එකෙන් කාර් එක නවත්තපු මම හිමින් හිමින් Hospital එක ඇතුලට ගියා.
මම මගෙ වම් අතේ තිබ්බ red and white Tulips bouquet එක දිහා බැලුවා.
𝐖𝐡𝐢𝐭𝐞 𝐓𝐮𝐥𝐢𝐩𝐬 වලින් 𝐦𝐞𝐚𝐧 වෙන්නෙ පාරිශුද්දවත්‍ය,සන්සුන්කම, පිරිසිදු ආදරය වගේම අවංකව සමාව ගැනීම
මට එයා ගැන තියන හැඟීම පාරිශුද්දයි වගේම මගෙ ආදරේ පිරිසිදුයි.ඒ වගේම එදා සිද්දිය වෙනුවෙන් මට එයාගෙන් අවංකවම සමාව ගන්න ඕනෙ.හැබැයි මට ඒක කටින් පිට කරන්න බෑ.බෑ කියන්නෙ අනේ මන්ද මගෙ කටින් ඔය ටික පිටි වෙයි කියලා හිතන්න අමාරුයි.අනිත් හැමදේටමත් වඩා White tulips තෝර ගන්න ප්‍රදානම හේතුව මට එයාගෙන් සමාව ගන්න ඕනෙ වෙච්ච එක .මම මුලින්ම හිතාගෙන හිටියෙ white tulips bouquet එකක් ගන්න වුනත්
මගෙ හිත ගියෙ red tulips වලට වගේම red tulips වල mean එකටත් මම ආසයි.මට ඕනෙ මගෙ හිතේ තියන අනිත් හැඟීමුත් එයාට දෙන්න ඉතින් මම තීරණය කලා red and white tulips bouquet එකක් ගන්න.