Wang Yibo's Pov
" ආ මෙයා තවම මෙතන
දැන් නම් පුතා ඔයා අරයාගෙන් හොඳට අහගන්නවා"ඇඳුම් දාපු ලැගේජ් එක තල්ලු කරන් Living area එකට ආපු එයාගෙ මමා ගෙදරට අදින ඇඳුම් පිටින් තවමත් පෝන් එක කකා ඉන්න මාව දැකලා එහෙම කිව්වා.
" තවම වෙලා තියනවානෙ මමා.මේ මිෂන් එක
විතරයි."මමාගෙ දිහා නොබලපු මම ගේම් එකටම හිත දෙන ගමන් උත්තර දුන්නා.
" දැන් මිෂන් පෙන්නනවා අරයා ඇවිත්"
එහෙම කියපු එයාගෙ මමා ආපහු රූම් එකට යන්න ගියා වගේම,
" bobo මාව ඔතනට ගෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා"
කිචන් එක පැත්තෙන් මගෙ මැණිකෙගෙ ඝාණ්ඨාර කට ඇහුනා.
" හරි හරි බබා විනාඩි පහයි"
මම එයාට උත්තර දුන්නා.
ට්‍රිප් එක වගේයෑ ගේම් එක
එයාට මේවා තේරෙන්නෙ නෑ.
මම දිවත් හපන් ගේම් එකටම හිත දුන්නා.මීට දවස් තුනකට කලින් ප්ලෑන් කරපු ට්‍රිප් එක යන්න වැටිලා තිබුනෙ අද දවසෙ.ඉතින් ගෙදර හැමෝම මේ ඒකට ලෑස්ති වෙන ගමන්. එයාලා නම් පාන්දරම ඉදන් ඇහැරන්. ඒත් මාව නම් එයා හැරුවෙ පහයි කාලට විතර.සීයා පපාලා බස් එකත් අරගෙන හය හමාරට මෙහෙට එන්නම් කිව්වා. ඉතින් එයා මාව ඇහැරුව වෙලේ ඉදන් මන්තරේ වගෙ ජප කලේ වොෂ් දාගෙන ලෑස්ති වෙන්න කියලා වුනත් ඊට වඩා මට මගෙ ගේම් එක ලොකු වුනා ඒත්,
" මෙහෙ දීපන් ඔය බඩකඩිත්තුව
උබව කන්නෙ මේක තමයි"මගෙ සැනසීම තිබුනෙ තත්පර ගානයි.දිවත් හපන් පුලුවන් තරම් පෝන් එක කාපු මගෙ අත හිස් වෙලා ගියා. හුළඟක් වගේ වේගෙන් මගෙ ළඟට ආපු එයා මගෙ අතේ තිබුන පෝන් එක උදුර
ගත්තෙ හීයක වේගෙන්." මොන මඟුලක්ද බබා"
ගගහා උන්නෙ මිෂන් එකේ අවසාන හරිය නිසා මට එයාත් එක්ක කේන්ති ගියා.ඒ නිසා මම එයාට කෑගැහුවා.
" මොන මඟුලක්ද? මොන මඟුල උබ.
දැන් කීය ඉදන්ද? ආ... දැන් කීයෙ ඉදන්ද මම තමුසෙට කියන්නෙ ගිහන් වොෂ් දාපන් කියලා.නෑ ඒවා ඕනෙ නෑ මේකම ගිල ගිල හිටපන්.නැගිට්ටුවෙ කීයටද ?මම තමුසෙ නැගිට්ටුවෙ කීයටද ?
නැගිට්ට වෙලේ ඉදන් රාජකාරිය මේක.ගේම් ගහලා ගහලා මොළේ කුරුවල් වෙලා තියන්නෙ උබගෙ.යකෝ මෙලෝ සිහියක් නෑනේ.
අර හදලා දීපු කිරි එක අතන ඇල් වෙනවා.
මම අර ළමයා එක්කත් ඔට්ටු වෙන ගමන් වැඩ දාහක් අතරේ කිරි එක හදලා දෙනවා අන්තිමට ඒක හදලා දීලා පොවාගන්නත් කකුල් වදින්න ඕනෙ.මගෙන් මැරුම් නොකා බීපිය අර කිරි එක.බීලා ගිහින් වොෂ් දාපන්. සීයා පපාලා මඟ
උදේ පාන්දර මාව කෑගස්සවන්න එපා Yibo.යනවා ඉතින්"