Wang Yibo's pov
"අම්...ම්...ම්ම්..අම්ම්.....ආ........ම්.....ව්........ම්ම්ම්ම්ම්ම්........ආආආඅ...ම්...."
" ආආ...කෝ මගෙ පුතා දොයි
පාන්දර ඉදන්නෙ දරුවො ඇහැරන් ඉන්නෙ කෝ දොයියන්න මගෙ බබී....."වටේ පිටාවෙන් අමුතු අමුතු සද්ද ඇහුනාත් මට ඒ සද්ද ගැන ලොකුවට අවබෝදයක් තිබුනෙ නෑ.මේ හිමිදිරි උදෑසන මගෙ නින්ද කාපු ඔලුවෙ කැක්කුමට හිතින් පිරිත් කියපු මම නිදිමත වැඩිකමට ඇස් ඇරගන්න බැරුව ලත වුනා.ඔලුව කැක්කුම නිසාම ඇහැරුනා මිසක් නැත්නම් මම ඇහැරෙන්න හිතලාවත් තිබුනෙ නෑ.
" ආහ්......jie මගෙ ඔලුව රිදෙනවා....."
තවමත් ඇස් පියාගෙන හිටපු මම පුපුරන්න තරම් කැක්කුම අල්ලලා තිබුන ඔලුවත් බදාගෙන Lulu jie ට කෑගැහුවා....
" තමුන්ව හුරතල් කරන්න මෙහෙ ඇති jie කෙනෙක් නෑ දැන් අටත් පහු වෙලා නැගිටිනවා"
එයාගෙ කටහඬ නේද
ඒත් එහෙම කොහොමද වෙන්නෙ
අනේ මන්දා මේ ආදරේ නම් කොහොම දරාගන්නද කියලා reba ගෙ කට හඩ මට ඇහෙන්නෙත් එයාගෙ වගේ.ඔහොම තමා ඉතින් ආදරේ කරන මිනිස්සු වුනාම හිත ආදරෙන් පිරිලා ඉතිරිලා ගිහින්නෙ තියෙන්නෙ එතකොට හැමෝගෙම කට හඬවල් ඇහෙන්නෙ එයාගෙ වගේ තමා.අනෙ අම්මෙ ඉතින් මගෙනෙ." reba මම තමුන්ගෙ didi වුනාට මමත් පිරිමියෙක් කියන එක විතරක් අමතක කරන්න එපා.
Wang Family එකේ ගෑණු පිරිමින්ගෙ කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ තමුන් ඒක නොදැන ඉන්න විදිහක් නෑනේ.ආයේ ආයේ මට මේවා මතක් කරන්න බෑ.
අනිත් එක තමුසෙ මොකක්ද මගෙ කාමරේ........"එහෙම කියාගෙනම මම ඇස් ඇරියා වුනත් මගෙ ඉස්සරහින් වාඩි වෙලා මාව මරන් කන්න වගේ බලන් ඉන්න කෙනාව දැක්කාහම මගෙ වචන හිර වුනා.