Wang Yibo's Pov
" do you love me"
" හ්හ..."
" බය වෙන්න එපා
මම ඔයාට එපා කිව්වෙ නෑනේ
මට තේරුම් ගන්න පුලුවන් ඔයාව And your feelings"feelings කියන ඒවා කොහොම කොයි විදිහෙන් කා වෙනුවෙන් ඇති වෙනවාද කියලා ඇත්තටම කියන්න බෑ.මනුස්සයෙක්ට ඕනෙම කෙනෙක් ගැන , ඕනෙම දෙයක් ගැන feelings ඇති වෙනවා ඒක තමා මනුස්ස ස්වභාවය . වැදගත්ම දේ වෙන්නෙ මනුස්සයෙක්ට feelings ඇති වෙන එක නෙවේ තව කෙනෙක්ගෙ feelings අපි තේරුම් ගන්න එක. තව කෙනෙක්ගෙ feelings වලට අපි ගරු කරන්න පුරුදු වෙන එක.
මම හිතන්නෙ මමත් ඒ වගේ මනුස්සයෙක්.මට තව කෙනෙක්ගෙ හැඟීමක් තේරුම් ගන්න පුලුවන් සහ මම ඒ හැඟීම් වලට ගරු කරනවා වගේම ගරු කරන්න දන්නවා.මෙතනදි වුනෙත් ඒ වගේ දෙයක්. එයායි මායි අපි මුන ගැහුන තැන ඉදන් වෙච්ච දේවල් ගත්තහම හරිම පැහැදිලි එයා මට කැමති කියන එක.ඉතින් මම දැන් කලේ ඒ හැඟීම් වලට වටිනාකමක් දෙන්න උත්සහා කරපු එක.එදා මාව ඇක්සිඩන්ට් වෙච්ච තැන ඉදන් හිතමු.
මාව ඇක්සිඩන්ට් වෙච්ච හැටිය කවුද මගෙ ළඟට ආවේ
වෙන කවුරුත් නෙවෙ එයා
ඒ එයාම වුනේ කොහොමද
ජනගහනෙ වැඩිම රටක් වෙච්ච චීනේ මම ඇක්සිඩන්ට් වෙනකොට මගෙ ළඟ එයාම හිටපු එක
ඒක ටික්ක පුදුම හිතෙන කාරණයක් නෙවේද
ඒ එයාම වෙන්න හේතුව ගැඹුරට බැලුවාම හරිම සරල විදිහට අපිට හිතන්න පුලුවන් අපේ 1st meet එක වෙලේ එයාටත් මාව impress වුනා කියන එක.
මට එයා ගැන ඇති වුනා වගේ දෙයක් එයාටත් මගෙ ගැන ඇති වෙච්ච නිසා එයා මාව follow කරා වෙන්න පුලුවන්.ඒකෙ අවසාන ප්‍රථිඵලේ විදිහට මම ඇක්සිඩන්ට් වෙච්ච වෙලේ එයා මගෙ ළඟ හිටියා.මාව ඇක්සිඩන්ට් වෙච්ච වෙලේ එයාට දුක හිතෙන්න ඇති.දවස් හතරක් මම සිහියක් නැතුව ඉද්දි එයාගෙ හිතට නරක හැඟීම් ඇති වෙන්න ඇති.වේදනාවක් දැනෙන්න ඇති ඒත් එයා එයාගෙ හැඟීම් පාලනය කරන් අනිත් අය ළඟ හැසිරුනා වෙන්න පුලුවන්.
ඒ දවස් ටිකෙ එයාගෙ හැසිරීම මොන වගේද කියලා මම ෂූ ගෙන් ඇහුවා වුනත් ෂුයා කිව්වෙ එයාගෙ හැසිරීම නෝමල් කියලා වගේම එයා ගැන ෂූ හරියට දන්නෙ නැති නිසා එයාගෙ හැසිරීම ෂූයාට ජජ් කරන්න බෑ කියලා.ඒක ඇත්ත
අපි ළඟම ඉන්න මිනිස්සුන්වවත් හරියට අපිට ජජ් කරන්න බැරි එකේ එයා ගැන වගේම එයාගෙ හැසිරීම ගැන ෂුයා කොහොම ජජ් කරන්නද.
ඒ කොහොම වුනත් මට එයාව තේරිච්ච විදිහට නම් එයා ඒ දවස් ටිකේ එයාගෙ හැඟීම් යටපත් කරන් ඉන්න ඇති.
එයා කා ළඟ එයාගෙ හැඟීම් යටපත් කරන් හිටියාත් එයාට බැරි වුනා මගෙ ළඟ එයාගෙ හැඟීම් හංගන්න ඒකයි එදා මට සිහිය ආපු දවසෙ වුනත් ඒ තරම් ලස්සනට මාත් එක්ක හිනා වුනේ.එච්චර දවස් මම සිහිය නැතුව ඉදලා මට සිහිය ආවහම එයාට එයාගෙ සතුට යටපත් කරන් ඉන්න අමාරු වුනා ඒක තමා සිද්ද වුනේ.
ඊට පස්සෙ එයා මොන තරම් control වෙලා වුන්නත් මගෙ ඇස් එයා ළඟ නතර වෙන ගානෙ එයා Out of control.
ඒ නිසයි එයා රතු වුනේ.