Xiao zhan's Pov
" මොකද ගියපු වැඩේ?"
" Yibo කිව්වා වගේ මම යනකොටම කෙනෙක් ඇවිත් හිටියා reception එක ළඟ. එයාත් එක්ක ගිහින් documents ටික භාර දුන්නා
Monday ඉදන් මම යන්න ඕනෙ"අතේ තිබුන මග් එකේ කට වටේට ඇඟිල්ලක් අරන් යන ගමන් jiyang එහෙම කිව්වා.
" තව දවස් දෙකයි"
" හ්ම්ම්ම් ඔව්"
එහෙම කියපු jiyang කිරි එකෙන් උගුරක් බිව්වා.
එකට ඕෆ් වෙච්ච මම Hospital එකේ ඉදන් කෙලින්ම ගෙදර ආවා.එතකොටත් jiyang ගෙදර ඇවිත් තිබුනෙ නෑ WC එකට ගිහින් එනගමන් එහෙම්ම එයාලගෙ ගෙදර ගිහින් තිබුනා. මම ගෙදර ආපු හැටිය මුලින්ම කලේ මේරි මමාව ගෙදර ඇරපු එක වෙද්දි එතන ඉදන් වැඩ ගොඩකට මට හිර වෙන්න වුනා.උදේ Yibo මට කතා කරපු පාර ඒ වෙනකම්ම එයාගෙන් කෝල් එක්කවත් මැසේජ් එකක්වත් තිබුනෙ නෑ.ගෙදර වැඩ වගේම බබීගෙ වැඩ අස්සෙත් සැරින් සැරේ පෝන් එක චෙක් කරන්න මම අමතක කලෙ නෑ.
ඒත් එයාගෙ පැත්තෙන් කිසිම ප්රතිචාරයක් තිබුනෙ නෑ. එයා කිව්ව විදිහටම එයා බිසී වෙලා තිබුනා. හිත එයාවම ඉල්ලුවා වුනත් මම මගෙ හැඟීම් යටපත් කරගත්තා. ඒත් වැඩ අස්සෙත් මට මතක් වෙන්නම එයා වෙද්දි එයා ගැන හිත හිතම මම මගෙ වැඩ ටික ඉවර කලා. අවසානෙ ඩිනර් එකත් රෙඩි කරපු මම හවස හය විතර වෙද්දි ඔක්කොගෙන්ම නිදහස් වුනා. බබීගෙත් බඩ පුරවලා එයාවත් නිදිකරවලා පෝන් එක වගේම පොතක් අරගෙන මම මිදුලෙ බෙන්ච් එකට ගියෙ නිදහසෙ පොතක් කියවන්න හිතාගෙන.ඇත්තටම මට ඕනෙ වුනේ වෙලාව යවාගන්න වගේම මොකක් හරි දේකට හිත යවලා Yibo ව පොඩි වෙලාවකට අමතක කරවගන්න.මොකද සැරින් සැරේ පෝන් එක චෙක් කර කර එයා නැති පාලුවෙන් හිත රිදවන් ඉන්න එක මට හරි අමාරුයි.පොත කියවන්න ගත්තාහම පොඩි වෙලාවකට හරි මම එයාගෙ ලෝකෙන් මිදෙනවා වගේම වෙලාව යවා ගන්න මට පුලුවන් වෙනවා. ඉතින් එහෙම හිතලා පොතේ පිටු දෙක තුනක් කියවන් ගියාත් ඒ පිටු දෙක තුන කියවන්න ගියපු වෙලාවෙන් වැඩි හරියක් මම කලේ සැරින් සැරේ මගෙ පෝන් එක චෙක් කරපු එක. ඒත් ඒ වැඩෙත් මට දීර්ඝ වෙලාවක් කරන්න ලැබුනෙ නෑ මොකද උදේ ගියපු jiyang ආයේම ගෙදර ආවා වෙද්දි jiyang ට වොෂ් එකක් දාගන්න කියපු මම එයාට තේ හැදුවා. ඒකත් කරලා ඉවර වෙලා මම ආයේම බෙන්ච් එකට ඇවිත් කර කර හිටපු වැඩේට හිත දුන්නා. විනාඩි ගානකට පස්සෙ වොෂ් ගත්තු jiyang මාව හොයන් ආවා වෙද්දි පොත පැත්තකින් තියපු මම එයාත් එක්ක කතා කලා.