Chapter 46

669 119 30
                                    

Xiao zhan's Pov

"Good morning  doctor "

මම හිටියෙ වෝඩ් එකේ ඉදන් ආපහු මගෙ කැබින් එකට යනගමන්.
ඒ එන අතරතුර මගෙ මූණට මුණ ගැහුනෙ Yu bin වෙද්දි මගෙ ගමන එතනම නතර වුනා.

කට කනේ දාගෙන එයා මට Good morning කිව්වා.Yu Bin ව මෙහෙම මූණට මුණ ගැහුන එකේ කිසිම සතුටක් මට නම් තිබුනෙ නෑ.

" Good morning"

ඕනෙවට එපාවට එහෙම කියපු මම ඉස්සරහට අඩි තියන්න ලෑස්ති වුනා.
මොකද ඉන් එහාට දෙයක් මට Yu bin එක්ක කතා කරන්න තිබුනෙ නෑ.තිබුනාම වුනත් මම ඒකට කැමතිත් නෑ.

" zhan ඇයි දවස් දෙකක් නිවාඩු දැම්මෙ
මොකක් හරි අසනීපක්වත් වුනාද?"

මම යන්න හැදුවා වුනත් Yu bin මාව නැවැත්තුවා.

"It is my personal matter doctor Yu bin"

මවා ගත්ත හිනාවකින් මම එහෙම කිව්වා.
මහ කරදරකාරයෙක්
මම දන්නෙ නෑ ඇයි කියන්නෙ ඒත් මම Yu bin එක්ක කතා කරන්න පවා අකමැති
මේ මනුස්සයාව දකිනකොටත් මට එන්නෙ පුදුම තරම් කේන්තියක්.
දන්න තරමින් Yu bin මට මහ ලොකු වරදක් කරලත් නෑ.මම අකමැති බව දැන දැන මගෙ පස්සෙන් එක තමා තියන එකම වරද ඒත් මං ආසම නෑ මේ මනුස්සයාට.මනුස්සයෙක්ට එහෙම කියන්නත් හොඳ නැතිව ඇති ඒත් අනේ මන්දා මට Yu bin ගැන තියෙන්නෙ නොරිස්සුමක්ම විතරයි.

"හ්ම්ම්ම්....
ඔයාගෙ ඩියුටි තව පැය දෙකකින් වගේ ඉවරයිනෙ ඊට පස්සෙ අපි කැෆේ එකට යමුද මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ"

" මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ Yu bin කියන්න තියන දෙයක් මෙහෙම කියන්න"

Yu bin ගෙ යෝජනාව මම ගත් කටටම ප්‍රතික්ෂේප කලා.

" ප්ලීස් zhan එහෙම කියන්න එපා
මට ඔයාත් එක්ක කතා කරන්න දෙයක් තියනවා
ප්ලීස් ප්ලීස් ප්ලීස්...."

මට හිතන්නවත් වෙලාවක් නොදී මගෙ අතින් අල්ලගත්තු Yu bin එහෙම කිය කිය මගෙ ළඟ බැගෑපත් වුනා.Yu bin ගෙ ස්පර්ශය නිසා මට ඇති වුනේ පිළිකුලක්
එයාගෙ මේ විකාර වැඩේ අපි දෙන්නව පාස් කරන් යන මිනිස්සු පවා දකිද්දි මම මගෙ අත උදුරගත්තෙ කේන්තියෙන්.

" What nonsense
පිස්සු හැදිලාද"

ගරු නම්බු පැත්තකින් තියපු මම Yu bin ට එහෙම කිව්වා.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now