Xiao zhan's pov
" තේරුම ? මං තමුසෙට ආදරෙයි බව දැන දැන
තමුසෙ ඒ ගෑණි ඉස්සරහා මම තමුසෙගෙ යාලුවෙක් කියලා කියපු එක.ඇයි ඔයා එහෙම කලේ අහ්?ඊරිසියාවට මුසු කේන්තියෙන් මම එයාට එහෙම කියලා කෑගැහුවා.
එයා දන්නවා
එයා හොඳටම දන්නවා
මම එයාගෙ කවුද කියන්න එයා හොඳටම දන්නවා.ඒ බැඳීම හැදුවේ එයා මිසක් මම නෙවෙයි ඉතින් මටත් වඩා හොඳට ඒ ගැන දන්නෙ එයා නෙවේද? ආදරෙයි නොකිව්වාට එයා ගැන මගෙ හිතේ තියෙන්නෙ මොනවාද කියන්න එයා හොඳටම දැනගෙන උන්නා. මම ඒක කියන්න උත්සහා කලත් එයයි මාව නැවැත්තුවෙ ඉතින් ඇයි එයා ඒ ගෑණි ඉස්සරහා ඒ විදිහට හැසිරුනෙ.ඇත්තට හරි විහිලුවට හරි ඇයි එයා ඒ ගෑණි ඉස්සරහා මම යාලුවෙක් කිව්වෙ?මගෙ වචනත් එක්ක එයා මගෙ දිහා කන්න වගේ බලන් උන්නා මිසක වචනයක් කතා කලා නෑ. එයාගෙ මේ නිහඬ පිළිවෙත ළඟ මට ආයේම යකා වැහුනා.
" මොකද තමුසෙ හිනා වෙන්නේ ආ
මොකද තමුසෙ හිනා වෙන්නෙ? තමුසෙට මේක විහිලුවක්ද Yibo .තමුසෙට මාව විහිලුවක්ද මිනිහො. හොඳට මතක තියාගන්නවා Yibo මම නෙවෙයි තමුසෙගෙ ජීවිතේට ආවෙ තමුසෙයි මගෙ ජීවිතේට ආවේ "වට්ටි අම්මාගෙ ආත්මෙ වැහිච්ච මම හුස්ම නොගෙන එයාට බැන්නා වෙද්දි එයා කලේ හිනා වෙච්ච එක විතරයි. එයාගෙ මේ හැසිරීම ළඟ මට මගෙ කේන්තිය පාලනෙ කරන් ඉන්න බැරි වුනා..
" Yibo ත..."
" ආදරෙයිද මට ම්..."
මම එයාට ආපහු සැරයක් බනින්න ගියා වුනත් මාව නවත්තපු එයා අහපු දේත් එක්ක මම කලබල වුනා...
" Yibo ම්..."
" ඉස්සරලා කිව්වා වගේ මට ආදරෙයි ම්..."
එයාට කියන්න පෙරුම් පුරපු වචන ටික මගෙ කටින් නොදැනුවත්වම පිට වෙලා තිබුනා. ඒත් එයා දැන් ඒ ගැන කියනකම්ම මට ඒක ගානක් වුනේ නෑ.නොදැනීම මට ලැජ්ජාවක් ඇති වුනා වෙද්දි මට එයා ඉස්සරහා තව දුරටත් හිටන් ඉන්න බෑ කියලා හිතුනා. ඒත් මම කොහෙ යන්නද.ඇරත් තව මම මගෙ ප්‍රශ්නෙ විසදගත්තෙ නෑ.
එයා අහනවා කිව්වා වගේම මම එයාට ආදරෙයිද කියලා.ආදරෙයි නේන්නම්. එදා එයාව දැකපු මුල් දවසෙ මගෙ හිතේ ඇති වෙච්ච හැඟීම් වලට අද වෙද්දි සීමා විරහිත වෙලා තිබුනා. එයා මේ කෙටි කාලේ ඇතුලෙ මගෙ මුලු හිතපුරාම අරක් අරගෙන තිබුනා. ජීවිත කාලෙටම තනියම ඉන්නවා කියලා හිතපු මම අද එයාට ආදරේ කරන තරම් එයා මගෙ ජීවිතෙ කොයි විදිහට වෙනස් කරලද කියන්න හොඳම සාක්ෂියක්.මම , මගෙ තීරණ ඔය හැමදේම වෙනස් වුනේ මගෙ හිතේ එයාට තියෙන ආදරේ නිසා නෙවේ නම් වෙන මොනවා නිසාද?