Xiao zhan's pov
" මගෙ හිතේ නම් ඔය ගැන පැහැදීමක් නෑ Qiren "
" බලමුකො මොකද වෙන්නෙ කියලා."
" අර දරුවා මේවා දැනගත්තොත් ?"
" නෑ නෑ ඒ කොල්ලාට මේවා දැනගන්න මම ඉඩ තියන්නෙ නෑ"
Living area එකට එනගමන් හිටපු මට ග්‍රැනීගෙ වගේම සීයා පපාගෙ කසු කුසුවක් ඇහුනා. මට එයාලගෙ කතාවට කන් දෙන්න උවමනාවක් නොතිබුනාත් අහම්බෙන් වගේ මට ඒක ඇහුනා.එයාලා කතා කරන්නෙ මොකක්ද කියන්න මට තේරුනෙ නෑ.
ඒත් ඒ කතා කරන්නෙ කා ගැනද කියන එක මට කුතුහලයක් වුනා. ඒත් එයාලගෙ කතා මැද්දට මට පනින්න බැරි නිසා මම සද්ද නැතුව ඒ දෙන්නා ළඟට ගියා." ඒත් Qiren...... අහ් පුතු"
ග්‍රැනී මොකක් හරි දෙයක් සීයා පපාට කියන්න ගියා වුනත් ඒ දෙන්නාගෙ පැත්තට අඩි තියන මාව දැකලා කියන්න ගියපු දේ නතර කරගත්තු ග්‍රැනී එහෙම කියන ගමන් මට හිනාවක් දුන්නා. මාත් ඒ දෙන්නාටම හිනාවක් දෙන ගමන් ඒ දෙන්නා ළඟට ගියා.
" වාඩි වෙන්න පුතා"
සීයා පපා මට වාඩි වෙන්න කිව්වා.මම එහෙන්ම ග්‍රැනී ළඟින් වාඩි වුනා.
" නින්ද ගියාද හොඳට?"
මගෙ අතක් පිරිමදින ගමන් ග්‍රැනී මගෙන් එහෙම ඇහුවෙ ලෙංගතු හිනාවක් මට දීලා.
ඊයේ එළිවෙනකම් ඇහැරන් හිටපු මට breakfast එකෙන් පස්සෙ ඇස් ඇරන් ඉන්න බැරි වුනා. උදේ එයා කතා කරපු නිසා හිතෙත් සතුට උතුරද්දි breakfast එක ගත්තු මම බබීගෙත් බඩ පුරවලා එයාවත් නිදි කරවලා මාත් ඇස් පියාගත්තෙ ටික වෙලාවක් නිදාගන්නවායි කියලා හිතාගෙන.ගෙදරින් පිට තැනක මට නින්ද යනවා හරි අඩුයි ඒත් නිදිමත වැඩි නිසාමද කොහෙද ඇදට වැටුන හැටිය මට මරුණා වගේ නින්ද ගියා.
ඒ නින්ද ඇහැරුනේ මීට ටික වෙලාවකට කලින්.ඒකත් ඇහැරෙන්නෙ නෑ බබී ඇහැරලා ඇඩුවෙ නැත්නම්.මම හිතන්නෙ මම පැය එක හමාරකට කිට්ටුව නිදාගෙන." ඔව් ග්‍රැනී ඇදට වැටුනා විතරයි මතක"
" Yibo කතා කලාද පුතා?"
මම ග්‍රැනීට උත්තර දුන්නා. එතකොටම වගේ සීයා පපා මගෙන් එහෙම ඇහුවා..