Xiao zhan's pov
" පුතා අරගෙන තියන මේ තීරණය ගැන ඔයාට හොඳ විශ්වාසයක් තියනවාද? ආදරය කියන්නෙ එක්තරා විදිහට වගකීමක් ඒක මම අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑනේ.ඔයාලා හොඳ උගත් ළමයි ඔයාට ඔයා මේ අරගෙන තියන තීරණය ගැන හොඳ විශ්වාසයක් තියනවා නේද?"
" ඔව් අංකල්
ඒ ගැන කිසිම සැකයක් නෑ"මගෙ අතක් අල්ල ගත්තු එයා හරිම විශ්වාසෙන් එහෙම කිව්වා. එයාගෙ වචනත් එක්ක මගෙ පපාවගෙ මූණට පෙනන නොපෙන ගානට හිනාවක් ආවා.
සති ගානට කලින් දැනගත්තු අවුරුදු හතරක අතීතය උදේ Yibo ගෙ මමා නිසා හිත රිද්දන් හිටපු මට ආයේම එයාගෙ කටින්ම අහන්න පුලුවන් වුනා. මම නොදැන හිටපු දේවල් පවා මට එයාගෙන් දැනගන්න පුලුවන් වුනා. එයා පව්. එකම එක පාරක් විතරක් හැබැහින් දැකපු මට එයා අවුරුදු හතරක් කොහොම ආදරේ කලාද කියන එකයි සැක. ඇත්තටම මට ඒක පුදුමයක්.
අතීත කතාවෙන් පස්සෙ එයා කලේ
පුලුවාන් තරම් මගෙ හිතේ වේදනාව වගේම බය අඩු කරන්න එක එක දේවල් කියපු එක වෙද්දි අවසානෙ වේදනාව/ බය ඔය හැමදේම යටපත් කරන් මට එයාගෙ ආදරේ දැනෙන්න ගත්තා. මට එයාගෙ ආදරේ විශ්වාසතාක් මට භාහිර දේවල් වැඩක් නෑ කියන සිතුවිල්ල මගෙ හිතට දැනුනා.ආපහු සැනසීම කියන දේ හිතට දැනෙන්න ගත්තා වගේම හිතේ වේදනාව නිසා නොදැනුන බඩිගින්න ආයේම මට දැනෙන්න ගත්තා. අතේ හිටපු බබීව Bobo ට දීලා මාත් කෑම කෑවා.
කෑම කාලා විනාඩි දහයක් ඉන්න ඇති ඒත් එක්කම වගේම මමාගෙන් මට මැසේජ් එකක් ආවා Yibo ත් ඉන්නවා නම් 10:30 ට විතර වීඩියෝ කෝල් එකක් ගන්න කියලා.
ඒ මැසේජ් එක මම වගේම Yibo ත් බලාපොරොත්තුවෙන් හිටපු එකක් වෙද්දි එතන ඉදන් එයා කලේ මමාට වගේම පපාට ෆේස් කරන විදින ගැන වද වෙච්ච එක.බොරු කියන්න ඕනෙ නෑ ඇත්තටම එයා උන්නෙ ටිකක් කලබල වෙලා. ටිකක්මත් නෙවේ ගොඩක් කිව්වොත් හරි.දහයකට ගහන්න වගේ කට තියන මගෙ ලාබලා පෙම්වතාට මගෙ අහිංසක මමා පපාට මූණ දීගන්න බැරුව කලබල වෙලා හිටියා.
කිව්වෙ නම් කොහොමද ? " ඔයා කෙලින්ම කියන්න බබා මම කතා කරන්නම්"
" ඔයාට ඔය ගැන මමා එක්ක කෙලින් කතා කරන්න බැරි නම් මම කතා කරන්නම්"
මතක් වෙද්දිත් මට හිනා. මගෙ මමාවත් පපාවත් නපුරු මිනිස්සු නෙවෙයි කියලා එයාට කොච්චර කිව්වාත් එයා හිටියෙ කලබල වෙලා. ඊට වඩා එයා බය වෙලා. එයා සැරින් සැරේටම මගෙන් ඇහුව එකම දේ වුනේ " අනේ බබා පපා අකමැති වෙයිද?" අනේ බබා මම කොහොමද එයාලත් එක්ක කතා කරන්න ඕනෙ". කොච්චර එයාව කූල් කරන්න හැදුවාත් එයා නෙවෙයි නිවුනෙ. කෝල් එක ගන්නකම්ම එයා කලේ එහා ගියපු එකයි මෙහාට ගියපු එකයි වෙද්දි එයා මේ කාමරේ ඇතුලෙ කිලෝමීටරයක් විතර ඇවිදින්න ඇති.
මම මමාට වීඩියෝ කෝල් එක ගන්න හදන්න ඔන්න මෙන්න තියෙද්දි ටිකක් සංසුන් වෙච්ච එයා ඇදට නැගලා මගෙ එහා පැත්තෙන් comfortable විදිහට වාඩි වුනා. මමා කෝල් එක ආන්සර් කරන්න තත්පර ගානටත් එයාට සැනසීමක් තිබුනෙ නෑ. "බබා මේ ඇඳුම හොඳද?" " බබා මගෙ කොන්ඩෙ අවුල්ද?"
" බබා මම මෙහෙම හිටියාට කමක් නැද්ද?"
එක එක ප්‍රශ්න.