Xiao zhan's pov
" ඔයා ගෙදර ගියාද?"
එයා ඇවිත් හිටපු කාර් එක දිහා ඕනෙකමින් බලපු මම එහෙම ඇහුවෙ කුතුහලෙන්.
" අහ් මේ ඔව් බබා ගිහින් ආවේ"
මම අහපු දේට කලබලෙන් වගේ උත්තර දීපු එයා මට නගින්න කාර් එකේ දොර ඇරලා දුන්නා.
එයා වෙනදා එන කාර් එකේ නෙවේ ඇවිත් උන්නෙ වෙනත් එකක.කාර් එක මාරු කලා කියන්නෙ එයා Wang mansion එකට ගියයි කියන එක වුනත් මට එහෙම ගමනක් ගියයි කියලා එයා කිව්වෙ නෑ.යන යන හැම තැනම මට කියලා යන්න ඕනෙයි කියලා දෙයක් නෑ ඒත් එයා සාමාන්‍යයෙන් කොහෙ ගියත් මට කියලයි යන්නෙ කැම්පස් එකෙන් ආපු වෙලේ ඉදන් මම කෝල් සෑහෙන ප්‍රමාණයක් ගන්න ඇති ඒත් එයා ඒ ගැන මට වචනයක් කිව්වෙ නෑ.
" හ්ම්ම්..."
වෙන මොකුත් කියපු නැති මම එහෙම කියලා බබීවත් තුරුල් කරන් කාර් එකට ගොඩ වුනා.
" ආන්ටි,අංකල් නගින්න"
එයා මමාට වගේම පපාටත් කාර් එකට නගින්න door එක ඇරලා දුන්නා..
" හරි පුතා.."
මමා වගේම පපා කාර් එකට ගොඩ වුනාට පස්සෙ එයාත් කාර් එක ගොඩ වුනා..
" යමු නේද බබා"
" හ්ම්ම් .."
එයා එහෙම අහද්දි එහෙම කිව්වා.එයා කාර් එක ස්ටාර්ට් කලා.මගෙ කල්පනාව ඈත ගියා.
එච්චර කතා කරලත් ඇයි එයා මට ඒ ගැන නොකිව්වෙ කියන දේ මගෙ ඔලුව වගේම හිත පුරා උඩු දිව්වා. සැකයක්වත් තරහක්වත් නෑ ඒත් එයා මට නොකියපු එක හරි අමුතුයි.මම ඕනවට වඩා හිතනවා වැඩි මට පිස්සු.තොල් වලින් පටන් ගත්තු හාදුව හිමින් හිමින් බෙල්ල දිගේ පහළට ඇදුනා. එයාගෙන් ලැබෙන හාදු තව දුරටත් මට කුලුඳුල් නැති වුනත් එයා මට ලං වෙන හැමවතාවකම වගේ මගෙ හිතට දැනුනෙ කුළුදුල් හැඟීමක්. බෙල්ල දිගේ ටිකෙන් ටික පහළට ඇදෙන එයාගෙ තොල්
වල පහසින් මම උන්නෙ මත් වෙලා.
එයාගෙන් ලැබෙන එකම එක හාදුවකට වුනත් පුලුවන් මාව මත් කරන්න. මගෙ bobo කියන්නෙ ගෑණියෙක් පෙරුම් පුරන ජාතියෙ පිරිමියෙක්.
පිරිමියා කියන වචෙනට සමාන පදයක්.ඒ නිසාම වෙන්න ඇති එයාට ගෑණියෙක්ගෙ හුළං පොදක්වත් වැදෙනවාටවත් මම ආස නැත්තෙ. ඒක පපුව හිර වෙන හැඟීමක්.පිරිමිකමින් පිරිච්ච පිරිමියෙක් ළඟට ගෑණු ඇදෙන්නෙ පැණිපිරුණ මලකට ඇදෙන බඹරු වගේ.ඒ පිරිමි ආත්මෙට අයිතිවාසිකම් තියෙන්නෙ මටම විතරයි කියන්න මම හොඳාකරවම දැනගෙන උන්නාත් වෙන අය එයාත් එක්ක වචනයක් කතා කරනවාටවත් මම අකමැති.අකමැති කියන්නෙ ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරමෙ ඊරිසියාවක්. පෙන්නුවෙ නැතුවට අඩුම jiyang වත් එයාත් එක්ක ඕනවට වඩා කතා බහ කරනවාට මම අකමැති.