Wang Yibo's pov
" අපි බොහොම නම්බුකාර මිනිස්සු කියලා තමුන් දන්නවානෙ reba.Wang ලා තැනකට යන්නෙ කොහොමද ගිහින් හැසිරෙන්නෙ කොහොමද කියන්න අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නෑනේ මම ."
Reba ගෙ උඩ ඉදන් යටට ඇස් ගෙනියපු මම එහෙම කිව්වෙ පපුවට අත් දෙකත් බැදගෙන හෙනම ලොකු ලයින් එකෙන් වෙද්දි අරකි මගෙ දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දිහා බලන බැල්මෙන්
" ඉතින් මට නටන්නද කියන්නෙ"
ඔක්කොමත් හරි මට මේකිගෙ මේ බෝක්කු කට තමා පේන්න බැරි.
එකක් කිව්වොත් ඒකට දහයක් කියන්න එන්නෙ
පොඩි කාලෙදිම කටට දෙක තුනක් ඇන්නා නම් අද මෙහෙම මට කේන්ති නොගෙන ඉන්න තිබ්බා
මගෙ ළමේක් වුනා නම් මකවනවා මම" Wang family එකේ girls තැනකට යද්දි යන්නෙ යන්න සුදුසුම විදිහට බොහොම නම්බුකාර විදිහට
තමුන්ගෙ ඇගේ දුවන්නෙත් Wang ලේ නිසා මම කැමති තමුනුත් ඒ විදිහට හැසිරෙනවා නම් "සීයා පපාගෙ සීයා පප්පා
මගෙ ඇගට ආරූඩ කරන් මම එහෙම කිව්වෙ ආපහු සැරයක් reba ගෙ උඩ ඉදන් පහලට යනකම් ස්කෑන් කරන ගමන්"දැන් තමුසෙ මොකක් ගැනද ඔය කියවන්නෙ"
මම කතා කරන්නෙ මොකක් ගැනද කියලා දැන දැනම මේකි මගෙන් අහනවා මොනවා ගැනද මම මේ කතා කරන්නෙ කියලා
දෙන්න තියෙන්නෙ මේකිට.." වෙන මොකක් ගැනද තමුසෙ ඔය ඇදන් ඉන්න එක ගැන මම කතා කරන්නෙ.Reba මේ තමුසෙ මාත් එක්ක නටන්න තියාගන්න එපා තමුසෙට මේ ගමන යන්න ඕනෙ නම් වහාම ඔය ඇදුම ගලවලා වෙන ඇදුමක් ඇදගෙන එනවා ආයේම මම
කියන්නෙ නෑ"මම කිව්වෙ ස්ථිර හඩින් වෙද්දි මම බලන් ඉද්දිම reba ගෙ මූණ ඇකිලාලා ගියා.
මම හිතන්නෙ Reba මට බය වුනාද කොහෙද