Chapter 58

870 125 93
                                    

Wang Yibo's pov

එයා මගෙ දිහා බලන් ඉන්න බව දැක දැකම මම ziyi jie ගෙ අතිනුත් අල්ලගෙන කතා කර කර උන්නා. අපි දෙන්නා අතරට විහිලුවටවත් තුන් වෙනි පාර්ශවයක් ගෙනල්ලා එයාව රිද්දන්න මට ඕනෙ වුනේ නෑ. ඒත් මීට ටික වෙලාවකට කලින් ඇත්ත මම දන්න බව දැන දැන එයා මට කරපු බොරුව මතක් වෙද්දි මගෙ හිතට ආවේ පලිගැනීමේ ආසාවක්.එයා මොන අරමුණෙන් මට බොරු කලාද කියන්න ඇත්තටම මට හිතාගන්න බෑ ඒත් එයා කිව්වෙ බොරු.මට එයාව සැක නෑ.චූටිම සැකයක්වත් එයා ගැන මගෙ හිතේ නෑ. ඒත් එයා මට බොරු කලා.එයාගෙන් ඒ ගැන අහද්දිත් එයා මට බොරු කිව්වා.එයාට කතා කරපු කෙනාගෙ කට හඩ අදුනගන්න බැරි ලෙඩක් මට නෑ ඇරත් Yunxi ගෙ කට හඬ කොහොමටවත් මට අදුනගන්න බැරිකමක් නෑ.සමහර විට එයා හිතන්න ඇති මම ආයේම රණ්ඩුවකට පැටලෙයි කියලා.ඒ කොහොම වුනත් එයා මට බොරු කලා කියන එක මගෙ හිතේ තියනවා.

Ziyi jie වගේම මගෙ දිහා තත්පර ගානක් බලන් හිටපු එයාගෙ මූණ ඇද වෙලා ගියේ මම හිතපු විදිහටම වෙද්දි මම එයාව ගනන් නොගෙන ඉන්න උපරිම ට්‍රයි කලා.එයා අඩියට දෙකට අපි ළඟට ආවා.

"Excuse me"

එයා අපි දෙන්නා ළඟට ඇවිත් jie ගෙ උඩ ඉදන් පල්ලෙහාට බැල්මක් දාලා excuses කලා.
තනිකරම ඒ බැල්මෙ ඊරිසියාව පිරිලා තිබුනා. එයාට පුලුවන් නම් එයා jie ව කීතු කරනවා ඒ තරම් ඒ බැල්ම භයානකයි.

" අහ් මේ..."

එයාගෙ උඩ ඉදන් පහළට ඇස් ගෙනියපු jie මම කිව්ව විදිහටම එයාව නාදුනන විදිහට හැසිරුනා.
මම jie ට කිව්වා මට එයාව jealous කරවන්න ඕනෙ ඒකට මට හෙල්ප් කරන්න කියලා. ඒත් මගෙ අරමුණ වුනේ එයාව රිද්දන එක වෙද්දි ඒක දැනන් උන්නෙ මගෙ හිත විතරයි.

" මම Yibo ගෙ...."

" මගෙ යාලුවෙක්"

එයාට අනුව ziyi jie කියන්නෙ එයාගෙ හතුරෙක් වෙද්දි එයා කලේ එයාගෙ අයිතිය පෙන්නන ගිය එක වුනත් ඊට කලින් මම ඉස්සර වුනා.එයා හිතුවෙ නෑ මම එහෙම කරයි කියලා.අනිත් පැත්තෙන් බැලුහාම මම හිතුවෙත් නෑ කොයිවෙලෙත් රතු වෙවී ඉන්න එයා මොන තරම් ඊරිසියාව දැනුනාත් මම එයාගෙ කියන අයිතිය තව කෙනෙක්ට පෙන්න්නන යාවී කියලා.ඒ කොහොම වුනත් මගෙ වචනත් එක්ක ඒ ඇස් වලට කඳුලු පිරෙන්න ගියෙ තත්පරයයි වෙද්දි මෙච්චර වෙලාම එයාව රිද්දවන අරමුනෙන් උන්න මාව දියවෙලා යන්න ගත්තා.එයාගෙ කඳුලු කියන්නෙ මගෙ එකම දුර්වලකම වෙද්දි ඒ ඇස් වල කඳුලු දකින්න තරම් ශක්තියක් මට කවදාත් තිබුනෙ නෑ.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now