Wang Yibo's Pov
වටපිටාවෙන් එක එක සත්තුන්ගෙ කට හඬවල් ඇහුනා.කර්ට්න් එක අස්සෙන් පෙරිච්ච ඉර එළිය ඇවිත් මගෙ මූණට හාදු තිබ්බා.උදේ වෙලයි කියන්න පරිසරයම ඉඟි දෙද්දි ඇස් වහගෙන මම ඇද අත ගෑවා..
එයා නෑ.
මුළු ඇද පුරාම මම මගෙ අත අරගෙන ගියා වුනත් එයාගෙ ස්පර්ශයක් මට දැනුනෙ නෑ. ඉතින් එයා නැගිටලා ඇති.මම එහෙම්ම ඇස් ඇරියා.
ඇරලා රූම් එක පුරාම ඇස් ගෙනිච්චා. රෑ තුරුල් කරන් නිදාගෙන හිටපු එයාගෙ හෙවනැල්ලවත් තිබුනෙ නෑ.මෙලහට කිචන් එකේ ඇති."අහා...."
තඩි ඈණුමක් යවපු මම ඇඟ මැලි කැඩුවා..
කම්මැලි. හිත බල කලේම තව ටිකක් නිදාගන්න කියලා වුනත් අද දවස කියන්නෙ රාජකාරී වලින් පිරුණ දවසක් කියලා මගෙ මොළේ මට මතක් කලා.මම එහෙන්ම ඇද වියලට හේත්තු වෙලා වාඩි වුනා. වාඩි වෙලා බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබුන මගෙ පෝන් එක අතට අරගෙන වෙලාව බැලුවා.
8:18 යි.
ඊයේ හවස මහන්සි වෙච්ච නිසාද කොහෙද මට මලා වගේ නින්ද ගියා. එකම නින්දයි එළිවෙනකම්ම.තවත් ඈණුමක් යවපු මම අතින් නලල පොඩි කරගත්තා.එහෙන්ම මගෙ ඇස් ගියෙ බබීගෙ තොටිල්ල ළඟට.කොල්ලා තොටිල්ලෙ හිටියෙ නෑ.
එයා breakfast හදනවා ඇති.ඒත් පොඩි එකා ඇහැරලා කියන්නෙ එයාගෙ අතේ ඇත්තෙ.පව් එයාට breakfast හදන්නයි ළමයා ගැන බලන්නයි දෙකක් බෑ.ඒ නිසා මම හිතුවා එයාට උදව්වක් වෙන්න ඉක්මනින් වොෂ් එකක් දාන් පහළට යන්න..
" Good morning"
වොෂ් එකක් දාගත්තු මම පහළට ගියා.මම හිතුවා වගේම එයාව බබීවත් baby carrier දාගෙන breakfast එක හදනවා.Kitchen Entrance එක ළඟ හිටගෙන මට පිටු පාල වැඩ කර කර ඉන්න එයාගෙ දිහා විනාඩි දෙක තුනක් බලන් හිටපු මම මගෙ හඩ අවදිකලා වගේම මගෙ කට හඬ ඇහිච්ච පරක්කුවට එයා පිටි පස්ස හැරිලා මගෙ දිහා බැලුවා..
" Good morning bobo
ඇයි දැන්ම නැගිට්ටෙ තව ටිකක් වෙලා නිදාගන්න එපැයි දරුවො"මගෙ දිහා බලන් එයා එහෙම කිව්වෙ හරි ලස්සනට හිනා වෙලා.