Xiao zhan's pov
පැයකට කිට්ටුව මම අඩන්න ඇති. මගෙ ඇඩිල්ල පටන් ගත්තෙ ටයිල් පොළව උඩ ඉදන් උනත් මේ වෙද්දි මම උන්නෙ සෝෆා එක උඩ.
අඩනවා නම් මට හිතේ දුක හිදිලාම යනකන් උනත් අඩන්න පුලුවන්
ඒත් මම අමාරුවෙන් කඳුලු නවත්ත ගත්තා.
දැන් නම් කම්මුල් වල තිබුන කඳුලුත් වේලිලා ගිහින්...එහෙම්ම මගෙ ඇස් ගියෙ මගෙ ළඟින් වාඩි වෙලා මගෙ අතට තට්ටු දදා ඉන්න reba jie ළඟට.මම අඩපු නිසා reba jie ඉන්නෙ අවුලින් කියන්න මට ඒ මූණ දැක්කාහම තේරුනා.මෙතන වෙච්ච දේ මුල ඉදන් මම reba jie ට වගේම jiyang ට කිව්වා.jiyang නම් සද්ද නැතුව මගෙ දුක අහන් උන්නා වුනත් reba jie මගෙ කඳුලු නවත්තන්න උත්සහා කලා වගේම Yibo වයි Yumxi වයි මරන් කන්න හැදුවා. ඒත් ඒ දෙන්නා නෙවේ වචනයක් කිව්වෙ.
ඒත් එක්කම මගෙ ඇස් ගියෙ jiyang ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා එක එල්ලේම මගෙ දිහා බලන් ඉන්න Yibo ලගට...
එයා ඉන්නෙ දුකින්..
මට ඒක එයාගෙ ඇස් වලින් කියන්න පුලුවන්.
එයා මගෙ දිහා බලන් ඉන්නෙ සමාවෙන්න කියන්න වගේ..
Yunxi අතින් එයාගෙ නලල සීරිලා තිබුනා වගේම එතනින් ලේ මතු මතු වෙලා තිබුනා.
අනේ නලල විතරක් නෙවෙ එයාගෙ අතත් තුවාල වෙලා.Yunxi ගෙ හැසිරීම නම් මම අනුමත කරන්නෙ නෑ.පව් මගෙ අහිංසකයා
ඇත්තටම මට කේන්ති Yunxi ත් එක්ක
මම එයාට කොස්සෙන් ගැහුවා තමා
ඒත් ඒ එයාගෙ වැරැද්දට. අනික මට එයාට ගහන්න අයිතියක් තියනවා. ඒත් Yunxi
අනික Yunxi Yibo ට එහෙම කලේ Yibo අහිංසකව ඉන්නකොට..
Yibo ගෙ මුළු ඇගම ස්කෑන් කරපු මම ඊළගට බැලුවෙ ඊට එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්නෙ Yunxi දිහා...Yunxi ඉන්නෙ බිම බලාගෙන..
එයාගෙත් අත් සීරිලා..
හොඳ වැඩේ
Yibo ට පාඩුවෙ ඉන්න දෙන්නම නෑ
මගෙ මග් එක
වුනත් බිදුනෙ Yibo ට වඩා Yunxi නිසා
එයා Yibo ට ගහන්න ආපු නිසයි කරන්න දෙයක් නැතුව Yibo මග් එක අතට ගත්තෙ..
එයාගෙ වැරැද්දක් නෑ මම යීබෝගෙ තැන උන්නා නම් මම කරන්නෙත් ඒක..
තමන්ගෙ ආරක්ෂාව ගැන තමයි ඕනෙ කෙනෙක් හිතන්නෙ..
අනික Yunxi තමයි පාඩුවෙ උන්න Yibo ව අවුස්ස ගත්තෙ..
අන්තිමට මගෙ අසරණයාගෙ නලලත් සූරලා.." හැබැයි බලු මවිලයක් ඇදගෙන රණ්ඩු පටන් ගත්තෙ Yibo"
මගෙ මොළේ කෑගැහුවා