Wang Yibo's pov
" මම හිතන විදිහට ආදරේ කියන්නෙ බෙදන්න ඕනෙ දෙයක් මිසක් බදාගන්න ඕනෙ දෙයක් නෙවේ.
මගෙ මගෙ මගෙ
මොකක්ද ඔය මමත්වෙ
ආදරේ කියන්නෙ ආත්මාර්ථකාමී හැඟීමකට නෙවේ
මගෙ උනාම මොකද වෙන කෙනෙක්ගෙ වුනාම මොකද මේ පොඩි හිත් වලට මොනවා තේරෙනවා කියලාද එයාලා හොයන්නෙ කාගෙන් හරි ආදරේ.
වැඩිහිටියො විදිහට අපි කරන්න ඕනෙ සීමාවක් නැතුව එයාලට ආදරේ දෙන එක.
ඒකට මමත්වයක් ඕනෙ නෑ.මේ අපේ අනාගතේ
මේ අපේ රටේ ළමයි මේ ළමයි අපි හැමෝටම අයිති
ඉතින් ඇයි බෙදීමක්.තමන්ගෙ එකා වගේම අනිත් උනුත් කාගෙම හරි ළමයිනෙ.
අනිත් අය ගැන මම දන්නෙ නෑ ඒත් මට නම් ආදරේ කරන්න මගෙම දරුවෙක් වෙන්න ඕනෙ නෑ.මොකද මම ඉන්නෙ ඕනෙම දරුවෙක් දරුවෙක් කියන මානසික මට්ටමෙ.එතනදි මගෙ ලේද අනුන් ලේද කියන එක මට අදාල නෑ"අන්තිම ටික බොහොම සංවේදීව කිව්වම මම මගෙ කතාව අවසානේදි මගෙ ඔඩොක්කුවෙ ඉදගෙන මිල්ක්ශේක් එකක රස බලන පොඩි කෙල්ලගෙ ඔලුවට හාදුවක් තිබ්බා...
" මිස්ටර් වන්ග් වගේ හිතන මිනිස්සු මේ ලෝකෙ හරි අඩුයි"
අර කියුට් කෙල්ල හරිම සංවේදි විදිහට එහෙම කියද්දි ලොකුකමක් ගෑවිලාවත් නැති මම හරිම නිහතමානී විදිහට හිනා වුනා...