Chapter 67

591 102 23
                                    

Xiao zhan's pov

" ඉතින් කොහොමද didi"

මගෙ ඉස්සරහා වාඩිවෙලා ඉන්න Yunxi ට හිනාවක් දීපු මම එහෙම ඇහුවා.

" හොඳින් ඉන්නවා zhange"

Yunxi මට උත්තර දුන්නා වුනත් ඒ ඇස් නැවතිලා තිබුනෙ මට එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න Yibo ළඟ වෙද්දි Yibo ගෙ කියලාත් වෙනසක් තිබුනෙ නෑ. එයාලගෙ ඇස් එකට පැටලිලා තිබුනා. How romantic

"Zhange ට කොහොමද?"

Yunxi මගෙ ප්‍රශ්නයක් ඇහුවා ඒත් ඒ ඇස් වල වෙනසක් තිබුනෙ නෑ. Yunxi දිහා බලපු මම Yibo දිහා බැලුවා. ඒ ඇස් නම් ඕනවටත් වඩා රතු වෙලා තිබුනා. කේන්තිය කියන දේ ඒ ඇස් වලින් වාන් දාන ගමන් තිබුනා.
එයාලා එයාලගෙ ඇස් වලින් සීතල යුද්දෙක පැටලිලා උන්නා. කටින් කියන්න බැරි කතා දාහක් එයාලගෙ ඇස් වලින් කියාගන්න ගමන් හිටියා.අතින් පයින් ගහගන්න බැරි නිසා එයාලා ඇස් වලින් ගහගන්න ගමන් හිටියා.ඒ දෙන්නාගෙ සීතල යුද්දෙ අතර මැද මම අසරණ වුනා. ආයේම දෙන්නා ප්‍රශ්නයක් ඇති කරගනීදෝ කියලා හිත කෑගැහුවා.

" මමත් හොඳින් ඉන්නවා didi"

මූණට බොරු හිනාවක් ගත්තු මම Yibo ගෙ දිහා බලන් උත්තර දුන්නා.

" ම්ම්ම්...."

" ඔහොම ඉන්න මම බොන්න මොනවා හරි හදන් එන්නම්"

ඇස් වලට විතරක් සීමා වෙච්ච අඩ දබරේ තව ටිකකින් අත් පය වෙනකක් එනවායි කියලා හිතුන මම එහෙම කිව්වා.

ඇස් වලින් කා කොටා ගන්න ඒ දෙන්නව එතන දාලා අඩි දෙක තුනක් මම ඉස්සරහාට ගිහින් ආයේම නැවතුනා..

" පැටියො"

මේක යුද පිටියක්ම වුනත් එහෙම ලේසියෙන් මම කොහොමද මගෙ පළිය නොගෙන ඉන්නෙ.
මම එයාට කතා කලා.
හැබැයි එයාට මගෙ කට හඬ ඇහුනෙ නෑ.
කොහොමත් මට ඕනෙ කලේ එයාව එක්කන් කිචන් එකට යන්න.

" bobo "

මගෙ ළගින් අඩි දහයක් විතර දුරින් ඉදන් ඉන්න එයාට මම ආයේම කතා කලා. පැටියො කිව්වාට බැලුවෙ නැති මිනිහා නම කිව්වම බැලුවා.

" ආ...බබා"

Yunxi ගෙ ඇස් වලින් ඇස් මුදවගත්තු එයා මගෙ දිහා බලලා එහෙම කිව්වා..

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now