Wang Yibo's pov
දවල් තිබුන ලෙක්චර් එක ඉවර වෙච්ච හැටිය අපි තුන් දෙනා කෙලින්ම ආවේ cafeteria එකට
" මොනාද කන්නෙ"
" උබට කැමති දෙයක් ගෙනින් නියෝ
මට නම් යකෙක් කන්න බඩිගිනි.ඒ මදිවාට අර හු$$ ගෙ කියවිල්ල අහන් ඉදලා මට නිකන් ඔක්කාරෙට වගේ"නියෝට එහෙම කියාගෙනම ලෙක්චර්ට දෙහි කපපු ෂුයා එහෙම්ම පුටුවට කඩා වැටුනා වගේම මමත් නිහඩවම වාඩි වෙලා පෝන් එක අතට ගත්තා.
" යීබෝ උබට..."
" විශේෂයක් නෑ නියෝ
අහ් ඇවකාඩෝ ජූස් එක්ක ඕනේ"පෝන් එකට ඔලුව ඔබාගෙනම මම නියෝට උත්තර දුන්නා.
ඊයේ එයාව මීට් වෙලා ගෙදර ආපු වෙලේ ඉදන් මගෙ එකම රාජකාරිය වුනේ සැරින් සැරේ වෙයිබො එකට හොම්බ දාලා එයා මාව follow back කරලාද කියලා බලපු එක.
නෑ එයා මාව තව වෙනකම් follow back කරලා නෑ.
අද දවසත් බලලා හෙට මම එයාව unfollow කරලා දානවා.මටත් බෑ කාගෙවත් ලොකුකම් බලන්න.ෂුයාත් උගෙ පාඩුවෙ පෝන් එක ගිලිද්දි මමත් එයා ගැන හිත හිතම පෝන් එක කන්න හැදුවා.
" ආ...ගනිල්ලා
හෙට උබේ දවස ෂුයා හරි"විනාඩි දහයකින් විතර අත් දෙකෙන්ම කෑම පුරවගෙන නියෝ අපි ළඟට ආවා වගේම ඌ ෂුයාට මතක් කලා හෙට උගෙ දවස කියලා.නියෝගෙ මූණ තනිකරම අපායට ගහපු කැලැන්ඩර් එකක් වගේ වෙලා
අරක ඇතුලෙ කෑම ගන්න පොරකද්දි ඔහොම වෙන එක සාදාරණයි. අපි තුන් දෙනා ඒ වැඩේ සතියෙන් සතිය බෙදාගෙන තිබ්බෙ.නියෝගෙ කෑම අදින සතිය ඔන්න අදින් ඉවරයි හෙට ඉදන් ෂුයා
ෂුයාගෙන් පස්සෙ මම නේද කියලා මතක් වෙද්දි නම් බඩ පපුව දනවා." හරි හරි මතකයි
උබ ඕක සැරින් සැරේ මතක් කරන්න ඕනෙ නෑ මට"ෂුයා කිව්වෙ මූණ දෙක කරගෙන
" මනමාලයා උබ හොදට කලා බීලා ඇඟට ශක්තිය ගනින්"
ඇවකාඩෝ ජූස් එක මගෙ අතට දෙන ගමන් නියෝ එහෙම කියද්දි මම උට රැව්වා.
" අර වඩේ හරිනේ..."
ජූස් එකෙන් උඟුරක් තොල ගාපු මම එහෙම ඇහුවෙ ෂුයාගෙන්