Xiao zhan's pov
එයා යන්න ගියා.
උණුහුම් වගේම ආදරණීය වැලදිගැනීමකින් පස්සෙ
ලෝභකම පිරුණු හිතින් එයා යන්න ගියා.
එයා ගිහිනුත් දැන් විනාඩි ගානකටත් පස්සෙ මම තාම මෙතනමයි.මම ඒ කරපු දේ හරිද වැරදිද කියන්න මම
කල්පනා කලා වුනත් මට උත්තරයක් හොයාගන්න බැරිව ගියා.ඒ දේ වැරදි වුනත් මට ආයේ ඒක නිවැරදි කරන්න බෑ.එයා ගියපු වෙලේ ඉදන් මගෙ හිතේ වැඩකලේ එක දෙයයි හැඟීම් වලට වහල් වෙලා මම එවලෙ ගත්තෙ මහ ආත්මාර්තකාමී තීරණයක්ද කියලා.මොකද එයාට ඕනෙ දේ කවදාවත් මට එයාට දෙන්න බෑ ඉතින් එහෙම එකේ යාලුවො විදිහට ඉන්න එක එයාගෙ හිතට බලාපොරොත්තු දීමක් වගේ දෙයක් කියලා මට හිතුනා.මම මගෙ හැඟීම් වෙනුවෙන් සීයට විසිපහක වගේ සාදාරණයක් කරන්න ගිහින් Yibo ව දවසක අසරණ කරයිද කියලා මට බය හිතුනා.Yibo ගෙ හිත ගැන සීයට සීයක් මම නොදන්නවා වුනත් සමහර තැන් වලදි මට හිතෙනවා එයා මට ඇත්තටම ආදරේ කරනවා කියලා.
ඉතින් එයාගෙ හැඟීම් සීයට සීයක්ම ඇත්ත නම් දවසක මේ බැඳීම එයාව අසරණම කලොත් ඒකෙ වැරැද්ද මගෙ නෙවේද?" හ්ම්.....
දැන් හිතුවා කියලා වැඩක් තියනවාද zhan"මගෙ හිත මගෙන්ම ප්රශ්න කලා
නෑ දැන් හිතුවා කියලා වැඩක් නෑ
මමමයි එයාගෙන් යාලුකම කියන බැඳීම අපි අතරට ගේමු කියන ඉල්ලීම කලේ ඉතින් වෙන දේකට මූණ දෙනවා ඇර දැන් මට හැරෙන්න බෑ.
ඒ වැලඳගැනීමත් එක්ක මට මොකක් වුනාද කියන්න මමවත් දන්නෙ නෑ.එයා මාව ඒ හග් එකත් එක්කම වශියක වැටලෙව්වා වගේ දෙයක් ඒ වුනේ.ඒ මොහොතෙ මගෙ මුළු ලෝකෙම හිටියෙ එයාම විතරයි ඉතින් මටත් නොදැනීම මම එයාගෙ පැත්තට ඇදිලා ගියා.📤" ගෙදර ගිහින් මට කියන්න"
සාක්කුවෙ තිබුන පෝන් එක අතට ගත්තු මම එයාට මැසේජ් එකක් දාලා
මිඳුලෙන් ගේ ඇතුලට අඩි තිබ්බා.අද jiyang එද්දි රෑ වෙයි
මොකද ආන්ටිගෙයි අංකල්ගෙයි වෙඩින් ඇනවසරි එක අද.ඉතින් එහෙ party . සමහර විට jiyang අද මෙහෙ එන එකකුත් නෑ.එහෙම වුනොත් ඉතින් මම තනියම.
වෙනදට වඩා අද මගෙ හිතට පාළුව තනිකම කියන දේ දැනෙන්න ගත්තා.
මම දන්නෙ නෑ ඒ jiyang නිසාද එහෙමත් නැත්නම් දවස් දෙකක් මගෙ ගෙදර හිටපු Yibo නිසාද කියන්න.ඒ කොහොම වුනත් මට දැනුනෙ පුදුමාකාර පාලුවක් තනිකමක්.