Wang Yibo's pov
" Awwww මෙතන හරිම ලස්සනයි"
ඇස් ඉස්සරහා තියෙන දර්ශනය දිහා පිස්සු හැදිලා වගේ බලන් හිටපු මගෙ මැණික එහෙම කියන ගමන් මගෙ අතේ එල්ලුනෙ හිනාවෙන් මූණ පුරෝගෙන.
එයාටත් වඩා තුන් ගුණයක් විතර ලොකු සුදු ටී ශර්ට් එකක් වගේම ශෝටක් ඇදගෙන හිටපු එයාගෙ දිහා බලපු මම ආයේම මගෙ ඇස් ඉස්සරහා තියන නිල් පාට වතුර ටික දිහා බැලුවා.
Wuyuan යන අතර මඟ අපිට හම්බුන ලස්සන තැනක් මෙතන.ලොකුවට ගැඹුරක් නැතත් නාන්න සුදුසු ගංගාවක් මේක.අපේ කට්ටිය ඔක්කොම මෙතන නාන්න ලෑස්ති වෙන ගමන්.
අපි මෙතනට එනකොටත් මේ තැන foreigners ලගෙන් පිරිලයි තිබුනෙ.අපි දැන් මෙතනට ඇවිත් විනාඩි දහයකට කිට්ටු ඇති මේ චූටි කාලේ ඇතුලෙ foreigners ලා තව තව මෙතනට පිරුනා.අසාදාරණ නෑ foreigners ලගෙ attention එක මෙතනට වදින එක මොකද මෙතන ඒ තරමට ලස්සනයි.මේ වගේ ප්රසිද්ද නැති ලස්සන තැන් කොච්චරක් මේ චීනෙ ඇතුලෙ තියනවා ඇතිද?