Wang Yibo's pov
බිත්තියෙ ගහලා තිබුන
එයාගෙ පොටෝ එක ගලවගත්තු එයා ඒක අල්ලමාරිය උඩින් දාලා මගෙ මූණවත් නොබලා Room එකෙන් එළියට ආවා මමත් එයාගෙ පස්සෙන්ම එළියට ආවා
එයා ආපහු කිචන් එක පැත්තට යද්දි මම කෙලින්ම Living ඒරියා එකට ගියා
ඒත් Living ඒරියා එකේ උන්නෙ Lulu jie විතරයි.
පොඩි එකා උන්නෙ Lulu jie ගෙ අතේ.
මම jie ළඟට ගිහින් ඒ එහා පැත්තෙන් වාඩි වුනේ පොඩි එකා දිහා බලාගෙනමයි." කෝ gege ලා..."
" jiyang එයාලව zhanzhan ගෙ එළවළු පාත්ති පෙන්නන්න එක්කන් ගියා"
" එයා ඒවගේ දේවලුත් කරනවාද"
හිතින් හිතපු දේ කටින් පිටවුනා
මගෙ වචනත් එක්ක පොඩි එකාව හුරතල් කර කර හිටපු jie මගෙ දිහා බලලා හිනා වුනා." ඔව් එයා ආසයිලු ඒවගේ දේවල් වලට"
" ම්ම්..."
" නාන්න වුනා නේද"
Jie මගෙ උඩ ඉදන් පල්ලෙහාට බලලා එහෙම අහද්දි මම කලේ හිනාවක් දීපූ එක විතරයි.jiyang කියන්න ඇති බීම එක ඇඟේ හැලුනා කියලා.
" මෙයා හරි හුරතල් didi"
Jie ගෙ අත් අස්සෙ ඉදන් පපුවට තුරුල් වෙලා ඉන්න පොඩි කොල්ලාගෙ රෝස පාට අතක් අල්ලන් jie එහෙම කිව්වෙ ආසාවෙන් වෙද්දි මාත් ඒ දිහා බලන් හිටියෙ දිලිසෙන ඇස් වලින්.
"ම්ම්.."
කොල්ලාගෙ මූණ දිහා ටික වෙලාවක් බලන් ඉදපු මම ඒ චූටි රෝස පාට අත් අස්සෙන් ආයේම පාරක්
මම මගෙ වෙදගිල්ල
යැව්වා." අම්..අම්..අම්...අම්...හ්...හා.. "
මගෙ ඇගිල්ලෙ ස්පර්ශය ඒ චූටි අත් වලට දැනෙද්දි පොඩි ඇම්ඩා කටින් එක එක සද්ද දැම්මා...ඒ චූටි අත් වලින් මගෙ ඇඟිල්ල බදාගත්තා.මගෙ හිතට සතුටක් දැනුනා.මම ඒකට හරි කැමති.
ඒ චූටි අත් අස්සෙ මගෙ ඇගිල්ල හිරවෙද්දි මට දැනුනෙ අමුතුම හැඟීමක්.ඒක හරි තෘප්තිමත් හැඟීමක් ඒ තෘප්තිමත් හැඟීම නිසාම මගෙ මූණට ඉබේම හිනාවක් ආවා." අම්.අම්....අම්...අම්....හ්...හ්....හෙ...."
Jie ගෙ තුරුලෙ ඉදන් එයා ඔහෙ කියව්වා
Jie වගේම මම හුරතලේ පිරිච්ච ඒ චූටි මූණ දිහා බලන් උන්නා..