Wang Yibo's pov
" මොකටද මාව මීට් වෙන්න ඕනෙ කිව්වෙ?"
" ඉස්සරලා අපි මොනවා හරි ඕඩර් ක්...."
" No need ඇන්ඩි.මම ආවේ ඔයාත් එක්ක කකා බබී ඉන්න නෙවෙයි."
මම කෙලින්ම එහෙම කිව්වා..
ඇන්ඩි එහෙමත් නැත්නම් feng yue
Feng hui ට ඉන්න එකම ළමයා.
Feng hui කියන්නෙ අපේ පපාගෙ බිස්නස් පාර්ට්නර් කෙනෙක් වගේම හොඳම යාලුවා.families දෙක නිතර නිතර මුණ ගැහෙන නිසා ඇන්ඩි සහ මං අතර ඒ දවස් වල පොඩි යාලුකමක් තිබුනා. සෙල්ලම් කරන්න කතා බහ කරන්න වගේ.යාලුවෙක් විදිහට ඇන්ඩි කියන්නෙ හරිම හොද ගෑණු ළමේක්.ඒත් අපි දෙන්නාට යාලුවො විදිහට උස් මහත් වෙන්න වැඩි හිටියො කියන පිරිස ඉඩ දුන්නෙ නෑ.ඒ වෙද්දි මට අවුරුදු හත අටක් විතර ඇති ඇන්ඩි හයක් හතක් ඇති.අර බඩේ ඉන්න ළමයාට හදහන් බලනවා වගේ හය හතරක් නොතේරෙන අපි දෙන්නව පොඩි කාලේම ජෝඩු කරන්න තරම් අපේ දෙමව්පියොන්ට ගාය ගැහුවා.ඒකෙන් උනේ අන්තිමට අපේ යාලුකම නැතුව ගියපු එක. චූටි කාලේ ඕවා නොතේරුනාට ටික ටික වයසත් එක්ක මුහුකුරා යද්දි පවුල් දෙකේ මහ උදවියගෙ අරමුණ මට තේරුම් ගියා.කෙලින්ම ඒ සම්බන්දව මමා පපා කතා කරලා නැතත් එයාලගෙ කටින් පිට වෙන වචන වලින් එයාලගෙ අරමුණ මොකක්ද කියන්න පැහැදිලි වෙද්දි මම ඇන්ඩිගෙන් ඈත් වුනා.ඇන්ඩි මට වඩා අවුරුදු දෙකක් බාලයි ඉතින් එයාට ඒ දවස් වල ඕවා තේරුනාද නැද්ද කියන්න මම දන්නෙ නෑ.කොහොම වුනත්
යන්තම් මට අවුරුදු පහළව වෙද්දි ඔය සම්බන්දව අපේ ගෙදර මිනිස්සු කෙලින්ම මාත් එක්ක කතා කලා. ඒ වෙද්දි මම ඇන්ඩිගෙ මූණ නොබල තැනට ඇවිත් තිබුනා.නොතේරුම් කමට ඇන්ඩි මාත් එක්ක කතා බහ කරන්න ආවා වුනත් මම එයාව මඟ ඇරියා.ඇන්ඩිට අවුරුදු 18 සම්පූර්ණ වුනත් එක්ක පවුල් දෙක කෙලින්ම මේ කාරණාව සම්බන්දව මුණ ගැහිලා කතා කලා. ඒ වෙනකම් මට තිබුනෙ මමා පපාගෙ බලපෑම විතරක් වුනත් ඒ වෙද්දි පවුල් දෙකම මේ මාතෘකාවට ඇවිත් තිබුනා. ඒ මොහොතෙම මම මගෙ අකමැත්ත ප්‍රකාශ කලා වගෙම මම එදාම ඇන්ඩිටත් ඒ හැමදේම තේරුම්
කලා. හේතුවක් දන්නෙ නෑ හැබැයි ඇන්ඩිටත් මාව මැරි කරන්න ඕනෙකම තිබුනෙ නෑ.ඇන්ඩි මෙහෙ ඉන්නවායි කියන්නෙ මේ ප්‍රශ්නෙ තව තව වැඩි වෙනවායි කියන එක වෙද්දි ඇන්ඩි කොලේජ් අවුට් වුන ගමන් UK ගියා. ඇත්තටම මගෙ හිතට ඒක ලොකු සහනයක් වුනා.ඇන්ඩිගෙ UK ගමනත් එක්ක අවුරුදු හතරකට වැඩි කාලයක් මම සතුටින් උන්නා.ඒත් මීට මාස එක හමාරකට දෙකකට උඩදි ආයේම මේ ප්‍රශ්නෙ මතු වුනේ ඇන්ඩි චයිනා වලට එනවාත් එක්කමයි.