Wang Yibo ' s POV
" අනේ දැන් ඔයාට කොහොමද පන
ඔයා අපිව බය කලා didi "" ම්....j..jie "
මම අමාරුවෙන් අකුරු ගැලපුවා...
" මෙහෙම ගියොත් මෙයා ළඟදිම අපිව මරනවා jie .මට එන කේන්තියට මෙයාව මරන්න හිතෙනවා "
Reba ගෙ කටහඩේ තිබුනෙ තරහක් වුනත් එයා ඉන්නෙ අවුලින් කියන්න මට තේරුනා.
මම දන්නවා කොයි වෙලෙත් reba මගෙත් එක්ක මරා ගත්තාට එයා මට ගොඩක් ආදරෙයි.
මුළු ඇඟම වෙලාගෙන ඉස්පිරිතාල ඇඳක් උඩ දවස් ගානක් මම මේ විදිහට ඉන්න එක එයාට දරාගන්න බැරුව ඇති.
Reba කියන්නෙ ලේසියකට කඳුලු පිට කරන කෙනෙක් නොවෙනකොට එයාට එයාගෙ දුක පිට කරගන්න තියෙන එකම විදිහ කේන්තිය විතරක් වෙද්දි මම එයාට එයාගෙ තරහා එයාට ඕනෙ විදිහට පිට කරගන්න ඇරලා සද්ද නැතුව වුන්නා.කෙනෙක්ට හිතෙයි reba ගෙ හිත හයියයි කියලා
ඔව් වෙන්න පුලුවන්ඒත්
Reba එයාගෙ හිත හයිය කරගත්තාට වඩා වුනේ අපි ජීවත් වෙච්ච පරිසරය එයාව ඒ තැනට පත් කරපු එක
කඳුලටකට වටිනාකමක් නැත්නම්
කඳුලටකට සැනසවීමක් නැත්නම්තව දුරටත් අඩලා වැඩක් තියනවාද
Reba ට වුනෙත් ඒ දේ.එයාත් කාලෙකට කලින් ඇඩුවා
තැවුනා ඒත් ඒ එක කඳුලකට එක තැවීමකට බැරි වුනා හිතක් තෙමන්න ඉතින් කඳුලකට වටිනාකමක් නැතිව අඩනවාට වඩා හිත් ගල් කරගන්න එක සමහර වෙලාවට සැනසීමක්
Reba ට මට gege ට වුනේම ඒ දේ
අන්තිමට අපි අඩන එක නැවැත්තු ඒත් හිත් ගල් වුනා
හැඟීම් දැනීම් අල්ප වුනා..
ඒක ලොකුවටම බලපෑවේ මට
මොකද මම මිනිස්සුන්ගෙන් ඈත් වුනා
ආදරය කියන දේ අවිශ්වාස කරන තැනට වැටුනා
ඉතින් ඒ අපි හැදිච්ච වැඩිච්ච පරිසරයට පින් සිද්ද වෙන්න අදටත් මට මිනිස්සු එක්ක ගනු දෙනු කරන්න තේරෙන්නෙ නෑ මගෙයි කියන අය ඇර පිට අය එක්ක හැසිරෙන්න ඕනෙ විදිහ මම දන්නෙ නෑ.
දන්නෙ නැතුවටත් වඩා මම මිනිස්සුන්ට අකමැති
හැඟීම් එළියට දාන්න අකමැති" j...jie වතුර "
දිව ගිලෙන්න තරම් තිබහක් ආපු නිසා අමාරුවෙන් වචන ගැට ගහගත්ත මම jie ගෙන් වතුර ඉල්ලුවා..