Wang Yibo' pov
" මොකද මම ඔයාට ආදරේ නිසා
දැකපු පළවෙනි තත්පරේ ඉදන් මම ඔයාට ආදරේ කරන නිසා"මගෙ වචනත් එක්ක එයාගෙ ඇස් උඩ ගියා.
මම මගෙ හිතේ තිබ්බ දේ එයා ළඟ වචන කලා
මේ පළවෙනි වතාව නෙවේ
එදත් විකාර අතරෙදි වුනත් මම එයාට පැහැදිලිවම කිව්වා මම එයාට ආදරෙයි කියලා
එදා ඒ වචන ටික එයා කොහොම භාර ගත්තාද කියන්න මම දන්නෙ නෑ ඒත් අද මම එයත් එක්ක කතා කරන්නෙ සීරියස්ව
ඉතින් මම හිතනවා එයා මගෙ හැඟීම් තේරුම් ගනීවි කියලා." ම්...මොකක්ද..."
එයාට මං කිව්වෙ දේ පිලිගන්න බෑ කියන්න වගේ එයා ආයේම මගෙන් අහනවා මොකක්ද කියලා නිකන් නෙවේ ඒ බෝල ඇස් ලොකු කරගෙන වගේම අර රෝස තොල් උල් කරගෙන.එයා ඉන්නෙ පුදුම වෙලා.මහා කෝලමක්.
" මම ඔයාට ආදරෙයි "
කිසිම පැකිලීමක් නැතුව මම ආයේමත් වතාවක් මගෙ හැඟීම් වචන කලා ඒ ඇස් දිහාම බලාගෙන
මම දන්නවා අද මේ මොහොත මගෙ කට හඬ ඕනවාටත් වඩා හැඟීම් බරයි.එයා තාමත් මගෙ දිහා බලන් ඉන්නෙ කලින් වගේම පුදුමෙන් වුනත් මට තේරුනා මගෙ වචනත් එක්ක එයා නොසන්සුන් වුනා.