Xiao zhan' pov
" දැන් ඉතින් පුම්බන් ඉන්නෙ නැතුව හිනා වෙන්නකො අනේ"
" පලයන් බන්"
එයාගෙ කම්මුලක් මිරිකපු මම එහෙම කියද්දි එයා මගෙ අතට ගහලා ශීට් බෙල්ට් එක දාගත්තා.
" මාත් එක්ක තරහා වෙලා වැඩක් නෑනේ Puppy"
" කතා කරනවාකො තරහාද දැන්"
එයාගෙ අත් ගොබයක් හොලවලා මම එහෙම ඇහුවා වුනත් එයාගෙන් නෝ කතා නෝ සිනා.
එයාගෙ බකබුස් මූණ වෙනසක් නොවී ඒ විදිහටම තියෙද්දි එයා කාර් එක පාරට දැම්මෙ ගෙදර යන්න හිතාගෙන." මේ හදිස්සියෙ ඕක ඕනෙ නෑනේ.
ඔයාමනෙ මාවත් ඇඳගෙන ආවේ.ඔයා ට්‍රිප් එක ගිහින් ආවාට පස්සෙ ඕක ගැහුවා නම් ඉවරනෙ"කටත් උල් කර කර මම හේතු කිව්වා. නලලත් රැලි කරල් තනි කෙලින් ඉස්සරහා බලන් කාර් එක ඩ්‍රයිව් කරපු එයා වැරදිලාවත් මගෙ දිහා නම් බැලුවෙ නෑ.
" ඒත් ඒක ලස්සනයිනෙ Bobo"
එයාගෙ අත් ගොබයක් බදාගත්තු මම එහෙම කියන ගමන් එයාගෙ උරහිසෙ ඔලුව තියාගත්තා.
හවස නියෝ වගේ Xuan එක්ක කොහෙදෝ ගමනක් ගිහින් ගෙදර ආපු එයා ගෙට ගොඩ වුනේම මට කතා කරගෙන වෙද්දි jiyang එක්ක කතා කර කර හිටපු මම ඒකත් දාලා පහළට ආවේ එයා මොකටද මට කතා කරන්නෙ බලන්න.එවලෙ මම ඩිනර් එක හදන්න තියා හිතලාත් හිටියෙ නෑ. එයා එළියට ගිහින් එද්දි කෑම අරන් ඇවිත් තිබුනා වගේම එයා මට කිව්වා ගමනක් යන්න ලෑස්ති වෙලා එන්න කියලා.
කොහෙද කියලා ඇහුවාත් එයා මට කිව්වෙ නෑ. කොච්චර ඇහුවාත් ඔච්චර තමයි කියලා දන්න මම ආයේම එයාගෙන් යන්න කොහෙද කියලා අහන්න ගියෙ නෑ. ලෑස්ති වෙලා කාර් එකට ගොඩ වුනෙත් කොහෙද යන්නෙ කියන කුතුහලෙන්. ඒත් එයා නෙවේ කට හෙල්ලුවෙ. විනාඩි ගානක ගමනකින් පස්සෙ එයා ඇවිත් කාර් එක නැවැත්තුවෙ ටැටු ශොප් එකක් ඉස්සරහා වෙද්දි මගෙ ඇස් පුදුමෙන් ලොකු වුනා.
මොකද මම කීයටවත් හිතුවෙ නෑ එයා මාත් එක්ක ටැටූ එකක් ගහන්න කැමති වේවි කියලා.
මම ටැටූ එකක් ගැන කියපු වෙලේ ඉදන් එයාගෙ කටේ තිබුනෙ නෑ ආස නෑ, විකාර වගේ වචන.කොහොම වුනත් මට එවලෙ සතුටු හිතුනා.ඒ ගැම්මෙන්ම මම එයාත් එක්ක ටැටූ ශොප් එකට ගියෙ හිතින් සතුටට උඩ පනින ගමන්.