Wang Yibo's pov
එක බොරුවක් වහන්න තව බොරු සීයක් කියන්න වෙනවා.කවුද කාටද කියනවා මටත් ඇහිලා තියනවා.ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ.මම දැනටමත් එයාට බොරු සීයකට වැඩිය කියලා ඇති.ඇත්තම කියන්න එපෑ මටත් මේ සෙල්ලම දැන් තිත්ත වෙලා.බොරු,බොරු,බොරු
මගෙ මුළු ජීවිතේම බොරුවට යට වෙලා.
මාස දෙක හමාරක තුනක වගේ කාලේ ඇතුලත මම එයාට මොන තරම් බොරු ප්‍රමාණයක් කිව්වාද කියන්න මමවත් දන්නෙ නැතුව ඇති.
මම කියන බොරු අතේ මාට්ටු වෙන්න ගිහින් බේරුන අවස්ථා එමටයි.සමහර වෙලාවට මටම හිතුනා දෙයියනෙ ඇයි එයාට මං ගැන සැකයක් නොහිතෙන්නෙ කියලා.මොකද මම කියන සමහර බොරු ඇත්තටම තාත්වික මදි.බොරුවක් වුනත් තාත්වික වෙන්න එපෑ. ඇත්තම කතාව පොඩි කාලේ ඉදන් මට බොරු කියලා කිසිම හුරුවක් නෑ.කලින් බොරුවක් ගොතාගෙන කිව්වොත් මිසක් ජීවිතේට මට එවලෙට බොරුවක් අහුනොවී ගොතාගන්න බෑ. එදා Yue කියන්නෙ නියෝගෙ මෙයිමෙයි කියලා කියවුනෙත් ඒ නිසා.ඒක එයාට අහු වුන නිසා ඒක වහන්න මම තව බොරුවක් කිව්වා.ඒ එකක් විතරයි.තව කොච්චර නම් මම එයාට බොරු කිව්වාද?" මනුස්සයෙක් ආදරෙන් අන්ද වුනාට කමක් නෑ හැබැයි කවදාවත් මනුස්සයෙක් ආදරෙන් රැවටෙන්න හොඳ නෑ"
කඳුලු පිරුණු ඇස් වලින් එයා මගෙ ඇස් දිහා බලන් වචන කලා. එයා කියනවා මනුස්සයෙක් ආදරෙන් අන්ද වුනාට කමක් නෑලු.හැබැයි ආදරෙන් රැවටෙන්න හොඳ නෑලු. මම නිරුත්තරයි.කියන්න තරම් දෙයක් ඇත්තටම මට නෑ.මොකද මම බොරුකාරයෙක්.එයාට ආදරේ කරලා Next Year Yue ව මැරි කරන්න ඉන්න බොරුකාරයෙක්.
" ඔයාට මට කියන්න කිසිම දෙයක් නැද්ද bobo"