Xiao zhan's Pov
(2039 අවුරුද්ද )
" ඔයා හිනා වෙනවා"
එහා පැත්තෙන් ආපු කට හඩ එක්කයි මට මතක් වුනේ මම හයියෙන් හිනා වෙනවා නේද කියලා.ඉතින් මම ඉක්මනින්ම මගෙ හිනාව පාලනය කර ගත්තා.
එයා Yibo ගෙ diary එක කියවද්දි මුලින් මම අකමැති වුනත් ඒක කියවන්න එපා කියලා එයා ළඟ බැගෑපත් වුනත් ටික ටික මම ඒකට ඇබ්බැහි වුනා.ආයේම මම අවුරුදු දාසයක් අතීතෙට ගියා.
මගෙ මතක අලුත් වුනා." Yibo ටද ඔයා හිනා වෙන්නෙ"
එයා මගෙන් අහනවා මම Yibo ටද හිනා වෙන්නෙ කියලා.
මම ඇත්තටම හිනා වෙන්නෙ Yibo ටද නැත්නම් මම එදා Yibo ගැන හිතපු දේවල් වලටද කියලා මට හිතාගන්න බෑ.කොහොම වුනත් එදා ඒ සිද්දිය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
මොකද එදයි එයා මාව පලවෙනියටම කිස් කලේ.
ඒක අපේ 1st kiss එක.ඒකත් මගෙ බෙල්ලට." හිනා වුනේ නම් Yibo ට තමා ඊටත් වඩා මට මතක් වුනා එදා මම ඒ මෝඩයා ගැන හිතපු දේවල්"
මම කිව්වෙ තොල් අතරෙ හිනාව තියාගෙනමයි.
" මොනාද ඔයාට එදා ඒකා ගැන හිතුනෙ "
එයා මගෙන් එදා මට Yibo ගැන මොනවාද හිතුනෙ කියලා අහද්දි හිතට නොරිස්සුම් ගතියක් ආවා.
ඒ නොරිස්සුමෙන්ම මම එයාගෙ ප්‍රශ්නෙට උත්තර නොදී උන්නා..." මට කියන්න බැයිද ම්....."
" ඇයි මම ඒක ඔයාට කියන්න ඕනෙ "
" මම ඔයාගෙ husband නිසා"
එයා එහෙම කියද්දි මගෙ හිතට තරහක් දැනුනා.
"Privacy means privacy
ඔයා මගෙ husband උනා කියලා ඔයාට බෑ මගෙ අතිශය පෞද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්න "