Wang Yibo's pov
දවල් ඉදන් හවස් වරුම gege ගෙ ගෙදර ගත කරපු මම කලුවර වෙන්න ඔන්න මෙන්න තියලා Wang mansion එකට ආවා...
හිතේ කිසිම ආසාවක් නැතත් මාස ගානකට පස්සෙ මම මේ Wang mansion එකට අඩිය තිබ්බා
වෙන දෙයක් නිසා නෙවේ හෙට Reba ගෙ බර්ත් ඩේ එක ඒ වගේ දවසක් ලබද්දි මට reba ව මේ හැඟීම් මැරිච්ච මන්දිරේ ඇතුලෙ තනිකරන්න හිතුනෙ නෑ.බයික් එක කෙලින්ම ගරාජ් එකට දාපු මම Main door එකෙන් ඇතුල් වෙලා අඩි දෙක තුනක් ඉස්සටහාට යනවත් එක්ක,
" I miss you පන"
" ටික වෙලාවකට විතරනෙ වස්තුව හෙට දවල් වෙද්දි මම tianjin වලට එන්නම් ම්..."
" ම්ම්..."
"Don't be sad
Come I will kiss you"" ක්කැහ්ම් ක්කැහ්ම් ක්කැහ්ම්"
පඩි පෙල බැහැගෙන ආපු නාකි ජෝඩුවට Living area එකේ ඉන්න කවුද කින්ද මන්ද කියන එක ගැන ගානක් තිබුනෙ නෑ.ඒ තරම් ආදරෙන් අන්ද වෙලා.පපා හැදුවෙ මමාව කිස් කරන්න වෙද්දි තව දුරටත් නාකි මනමාලකම් දිහා බලන්න බෑ කියලා මගෙ හිත කෑගැහුවා.දෙන්නාට දෙන්නා කාන්දම වගේ ලං වෙන්න හදද්දිම මට නැති කැස්සවලුත් ආවා
මගෙ කැස්සත් එක්ක වට පිට බලපු ජෝඩුවගෙ ඇස් මගෙ ළඟ නතර වුනා.මාව දැකපු මිසිස් වන්ග් ගෙ වගේම මිස්ටර් වන්ග් ගෙ ඇස් පුදුමෙන් ලොකු වුනා." එක එක ගුබ්බෑයම් අස්සෙ ලැඟලා අදද මිනිහො උබට ගෙදර මතක් වුනේ "
පුදුමෙන් ලොකු වෙච්ච පපාගෙ ඇස් කේන්තියෙන් රතු වෙන්න ගියෙ එක විනාඩියයි.
මගෙ ළඟට ආපු පපා කේන්තියෙන් මගෙන් එහෙම අහද්දි මම කට කොනින් හිනා වුනා..." ඔයත් එක්ක එල්ලෙන්න ආපු ගමනක් නෙවේ ඒ නිසා පාඩුවෙ යන්න ආපු ගමන යන්න"