Wang Yibo ' s Pov
සමහර රූප තියනවා නිවීමක් වගේම ඇවීලීමක් වෙච්ච ,
හරියට එයා වගේ
ඒ රූපේ නිවීමක් ඒත් ඒ නිවීම ඇතුලෙ තියෙන්නෙ ඇවිලීමක්,ඇවිලීමකට එහා ගිය ඇබ්බැහියක් ඒ ඇබ්බැහිය උමතුවක්.වචනෙට විස්තර කරගන්න නොතේරෙන රූපයක් හැබැයි භයානකයි ඕනවටත් වඩා භයානකයි
මොකද එයා රූපෙන් මිනිස්සුන්ව ඇදගන්න මායාකාරයෙක්.
වෙලාවකට මට සැකයි ඒ රූපෙත් මායාවක්ද කියලා." පැය විසිහතරකුයි තව පැය ගානකුයි
ඔයා මාව රස්තියාදු කලා
How bad bae
ඇයි එහෙම කලේ ම්....""it's ok i will forget
But bae That is very wrong
ඔයාට තිබුනා මම එනකම් විනාඩි දහයක් ඉවසන්න "එයාගෙ වෙයිබෝ එක පීරිලා සේව් කරගත්ත එයාගෙ පෝටෝ එකක් දිහා බලාගෙන මම මිමිණුවා.
දවසක්
නෑ දවසකුත් පැය ගානක් මම ඉවසුවා
තාමත් ඉවසනවා
ඊයෙ එයාව දකින්න පෙරුම් පිරුව මම තාමත් පෙරුම් පුරනවා.ඊයේ ලෙක්චර්ස් අස්සෙ හිර වෙලා හිර වෙලා කැම්පස් එකෙන් එළියට ආපු හැටිය මම කලේ එයාව මීට් වෙන්න Hospital ගිය එක වුනත් මම යන්න විනාඩි දහයකට කලින් එයා ඩියුටි ඕෆ් වෙලා ගෙදර ගිහින් තිබ්බා.
ඉතින් විනාඩි ගානක පරක්කුවක් නිසා එයාව මට මිස් වුනා.
ඒ මිස් වෙච්ච විනාඩි දහයට හරි යන්න මම පැය ගානක් ඉවසුවා සහ තාමත් ඉවසනවා." අම්මෝ didi තමුසෙ ගාව සුවඳ
කොහෙ යන්නද මේ "Living room එකේ ඉදන් එයාගෙ පොටෝ අස්සෙ අතරමන් වෙලා හිටිය මම පියවි සිහියට ආවේ reba ගෙ කටහඩින්.