Xiao zhan's Pov
" නියෝ,Xuan වාඩි වෙන්නකො "
" අහ් හරි zhange"
නියෝ වගේම Xuan ව ගෙදරට පිළිගත්තු මම ඒ දෙන්නාට වාඩි වෙන්න කිව්වා.
" මම breakfast හදන ගමන් හිටියෙ ඔහොම ඉන්න මම අරයාව ඇහැරවගෙන එන්නම්"
" ඒ බේසාවා තවම නිදිදි?"
නියෝ මගෙන් එහෙම අහද්දි මම මෝඩ හිනාවක් දැම්මා.කොහොම කියන්නද ඉතින් එයාට නින්ද යනවා නෙවේ කලන්තේ දානවා කියලා.
" විනාඩි දහක් දෙන්න මට
විනාඩි දහයෙන් මම එයාව එවන්නම්"එහෙම කියපු මම ඇඳගෙන ඉන්න ඒප්‍රන් එක පිටින්ම බේඩ් රූම් එකට ගියා.මම යද්දි එයා
පස්සත් උඩ දාගෙන නිදාගෙන උන්නා. ඉනට අත් දෙක තියාගෙනම මම ඒ දිහා බලන් උන්නා.පෙරේදා ගැනුන උණේ ඊයේ හවස් වෙද්දි මට හොඳටම හොඳ වෙලා ගියා. එක වේලක් මඟ නොහැර බේත් බිව්වා නිසා වගේම එයාගෙ සාත්තුව ඒකට හේතුවක් වෙන්න ඇති.ඇත්තටම එයා මේ දවස් දෙකට මාව බලාගත්තෙ පොඩි එකෙක් ගානට. කොහොම වුනත් ගෙවුන දවස් දෙක විවේක සුවයෙන් ගත කරපු මම අද උදේ ඉරටත් කලින් නැගිට්ටා.මොකද මගෙ විවේක කාල සීමාව අදින් ඉවරයි.අද ඉදන් ඉතින් ආයේම සුපුරුදු කාර්‍යබහුල ජීවිතේ තමයි.
එයා පෙරේදා හවස කිව්වා වගේම ඊයේ නියෝ වගේම Xuan ආවා. ඊයෙ දවසම ඒ තුන් දෙනා මෙහෙට වෙලා පාඩම් කලා. අවසානෙ ඩිනර් එකත් අරගෙන ඒ දෙන්නා ඊයේ යන්න ගියෙ අදත් උදේම එනවායි කියන පොරොන්දුව පිට දැන් ඒ දෙන්නා ඇවිතුත් ඉවරයි ඒත් මගෙ boss baby තවම දොයි. මම breakfast හදන්න ඇහැරුන වෙලේ ඉදන්මයි එයාව නැගිට්ටවන්න ට්‍රයි කලේ ඒත් හැමදාමත් වගේ අදත් මට එයාව ඇහැරවගන්න දන්න දහ අට සන්නි ඔක්කොම නටන්න වුනා. ඒත් තවම නිදි.
දැන් නම් හිතෙනවා මම එයාව ඕනවටත් වඩා නරක් කරලා කියලා.මොනවා වුනත් මුලින් එයාගෙ පිළිවලක් තිබුනා ඒකට දැන්. ඇත්තටම එයා හුරතල් වෙලා වැඩි.මම ආසයි එයාත් එක්ක හුරතල් වෙන්න එයාගෙ අස්සෙ ගැහි ගැහි හුරතල් වෙන්න.ඒත් මගෙන් එයා ආදරය කරන කෙනාට අමතරව එයාගෙ මමාව හොයනවායි කියන්න දැන දැන මට මගෙ ආසාවට මුල් තැන දෙන්න හිතුනෙ නෑ.මම එයාත් එක්ක හුරතල් නොවෙනවායි කියන්න බෑ ඒත් මට සාපේක්ෂව එයා මගෙත් එක්ක හුරුතල් වෙනවා වැඩි.පුතෙක් මමා ළඟ හුරතල් වෙන්නෙ කොහොමද එයා මගෙ ළඟ ඒ විදිහට හුරතල් වෙනවා.ඒ හුරතලේ වැඩි වෙලාමද මන්දා එයා කලින් හිටියාටත් වඩා නරක් වෙලා ගිහින්.