Wang Yibo's pov
" දැන් එතකොට අද ඔයාලා යනවාද Yibo?"
ග්රැනී මගෙ දනහිසට අත තියලා මගෙන් එහෙම ඇහුවා.බබීව බඩ උඩ තියන් පොඩි ඇටයා එක්ක කියව කියව හිටපු මම මගෙ කකුල හරියෙන් බෙඩ් එකේ වාඩි වෙලා ඉන්න ග්රැනී දිහා බලලා රෙදි අස් කර කර ඉන්න එයාගෙ දිහා බැලුවා.
" එහෙම තමයි හිතන් ඉන්නෙ ග්රැනී"
හෝ ගාලා රෙදි නවන එයාගෙ දිහා බලන් මම උත්තර දුන්නා.
උදේ සිද්දියෙන් පස්සෙ අපි දෙන්නා අතර කතාවක් තිබුනෙ නෑ.එයා මගෙන් ඇහුවා මම රිද්දද්දි රිද්දගන්නත්, මම සනසද්දි සැනසෙන්නත් එයා සෙල්ලම් බඩුවක්ද කියලා. එයා හරි. එයා සෙල්ලම් බඩුවක් නෙවෙයි.රිද්ද රිද්ද සනසන්න එයා සෙල්ලම්
බඩුවක් නෙවෙයි.රිද්දන්න කලින් සිය වතාවක් මට ඒ ගැන හිතන්න තිබුනා.ඉතින් මම නිරුත්තර වුනා." අදත් ඉන්නකො පුතු. දවස් තුනක් ඉදලා එක පාරට අද යන්න ගියාම මට හරි පාලුයි. "
එහාට මෙහාට ඇවිද ඇවිද රෙදි එක්ක ඔට්ටු වෙන එයාට ග්රැනී එහෙම කිව්වා. සෙවල පෙර පෙර ඉන්න බබී ළඟට ඇස් ගෙනාපු මම එයාගෙයි ග්රැනීගෙයි කතාවට කන් දුන්නා..
එයා මොකක් කියයිද කියන්න මම දන්නෙ නෑ ඒත් මට මෙහෙන් යන්න ඕනෙ වෙලයි හිටියෙ. වෙන දෙයක් නිසා නෙවෙයි අපි දෙන්නා අතරෙ තියෙන මේ විරසකය ඉවරයක් කරගන්න ඕනෙ නිසා. මෙහෙදි අපිට මේ ගැන කතා කරලා ඉවරයක් කරගන්න බෑ.නිදහස නෑ."අද ගිහින් ආයේ ටික දවසකින් එන්නම්ද? දවස් දෙක තුනක් ඉදලා යන්නම"
රෙදි නවන එක පැත්තකට දාපු එයා ග්රැනී ළඟට ඇවිත් ග්රැනී ළඟ බිමින් ඇන තියාගත්තා. ග්රැනීගෙ අත් දෙක එයාගෙ අත් අතරට මැදි කරගත්තු එයා ග්රැනීගෙන් එහෙම ඇහුවා.
" ආයේ එන්න ඉන්න බලන් ඒත් අද ඉදලා හෙට යන්නකො"
ග්රැනී දුක හිතෙන මූණක් හදන් එහෙම කිව්වා වගේම එයාගෙ තොල් උල් වුනා.අපේ ග්රැනී කපටි මායම් දාන්නෙ අදත් මෙහෙ තියාගන්න. මට මේවාට පනින්නත් බෑ.මොකද එයා මං කියන දේ අහන්නෙ නෑ.මං ගෙදර යමු කිව්වොත් එයා මං කියන දෙයක් අහන්නෙ නෑ කියන්න මම දන්නවා.හොඳම දේ කටවහන් ඉන්න එක.