Chapter 41

802 127 19
                                    

Wang Yibo's pov

" Yibo
May I come in"

"yes jiyang come "

මම හිටියෙ dressing table එක ඉස්සරහා ඉදන් කොන්ඩෙ හදන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම හිටියෙ dressing table එක ඉස්සරහා ඉදන් කොන්ඩෙ හදන ගමන්.
මගෙන් ලැබුන අවසරෙත් එක්ක Jiyang door එක ඇරගෙන Room එක ඇතුලට ආවා.

" ටිකක් හිරයි වගේ නේද"

මග් එකක් අතේ තියාගෙන හිටපු jiyang එහෙම කිව්වෙ මගෙ උඩ ඉදන් පහළට බලන ගමන්.

" හිතුව තරම්ම අවුලක් නෑ
ටී එක තමයි ටිකක් අවුල් "

" ම්...
කොහෙද ඉතින් අපේ zhanzhan ඉරට්ට වගේනෙ"

පස්සත් උඩ දාගෙන සැපට නිදාගෙන ඉන්න එයා දිහා බලපු jiyang එහෙම කිව්වෙ හිනා වෙලා.
මාත් jiyang ට හිනාවකින් සංග්‍රහා කරලා.

ඇත්ත තමයි මේකා ඉරට්ට වගේ
ඒ කොහොම වුනත් මේ විදිහට හරි මට මේ ටී ශර්ට් එක ඇදගන්න පුලුවන් වුන එක ලොකු දෙයක්.කලිසම
නම් ලොකු අවුලක් නෑ අමාරු වුනොත් බට්න්ස් දෙක තුනක් ගලවගන්න බැරියෑ
එයාගෙ ඇඳුම් හිර වුනත් යන්තමින් හරි ගේමක් ගහගත්ත නිසා හොඳයි නැත්නම් මට ගෙදර යන්න වෙනවා උදේ .එහෙම ගියා නම් එහෙම එයාලා අහන ප්‍රශ්න වලට උත්තර දිදි ඉන්න වෙනවා මිසක් මට යුනි යන්න වෙන්නෙ නෑ.

ඊයේ රෑ jiyang මට ගෙදර යන්න කියලා කොයි තරම් බල කලත්  එයාව ඒ විදිහට දාලා යන්න මගෙ හිත මට ඉඩ දුන්නෑ.ඉතින් රෑ එළි වෙනකම් මම හිටියෙ එයා ළඟ.එයා ආයේම නැගිටලා අඩයි කියලා වගේම එයාට උණ ගනී කියලා බය වෙච්ච මම එයා ළඟින් හෙලවුනේවත් නෑ.
පහළ රූම් එකෙන් නිදාගන්න කියලා jiyang මට කට කැඩෙනකම් කියන්න ඇති මම ඇහුවෙ නැති තැන jiyang හැදුවෙ එයාගෙ රූම් එක මට දීලා එයා පහළ රූම් එකට යන්න ඒත් මම කැමති වුනේ නෑ.මට ඕනෙ වුනේ එයාව තනි නොකර එයාගෙ ළඟ ඉන්න.
එයාගෙ රූම් එකේ සෝෆා එක තිබුනා ඒත් මම ඒකෙ නිදාගත්තෙත් නෑ.එයාගෙ Room එකේ ලොක් එක කඩලා තිබුන නිසා මට බය හිතුනා මම ඇහැ පියන තත්පරේට එයා යන්න යයි කියලා ඉතින් මම කලේ
එයාගෙ බෙඩ් එක ළඟට පුටුවක් ලං කරගෙන වාඩි වෙලා එයාගෙ බෙඩ් එකෙන් ඔලුව තියාගත්‍ත එක
මොකද මම දැනගෙන හිටියා කවදාවත් මට ඒ විදිහට නින්ද යන්නෙ නෑ කියලා,මට ඒ විදිහට නුහුරුයි.ඒක හරි අපහසුයි.
ඊටත් වඩා ඊයේ රෑ මගෙ ඇඟට හරි තෙහෙට්ටුයි ඉතින් ඒ තෙහෙට්ටුව පිට මට කොහොමවත්ම අර අපහසු ඉරියවවෙන් නින්ද යන්නෙ නෑ.
නින්ද නැති කරගෙන වුනත් මම එයා ළඟ හිටපු එක මට සහනයක්
එහෙම නොයිද මම ගෙදර ගියා නම් මම දන්නවා මට සැනසීමේ ඉන්න ලැබෙන්නෙ  නෑ මොකද මට සැරින් සැරේ එයාව මතක් වෙන්න ගන්නවා
එයා හොඳින්ද?,එයා ඇඩුවාද?jiyang ට එයාව බලාගන්න පුලුවන් වෙයිද?
ඔය වගේ ප්‍රශ්න මගෙ හිත කලබල කරනවා කියන්න මම දැනන් උන්නා.මම දන්නවා මීට කලින් එයාව බලාගන්න මම හිටියෙ නෑ කියන්න
එයා එයාව බලාගත්තෙ තනියම. එයා එයාව දරාගත්තෙ තනියම මීට වඩා අමාරු දවස් එයාගෙ ජීවිතේ තියෙන්න ඇති
ඒත් දැන් මම එයාට ඉන්නවා
එයාව දැකපු පළවෙනි වතාවෙමයි මම හිතුවෙ එයා මගෙ වගකීම කියලා.එයාට කවදාවත් මම දුකක් දෙන්නෙ නෑ කියලා, එයාගෙ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් මම කරනවා කියලා
මම දන්නවා එයාව දැකපු මොහොතෙම මම හිතපු සමහර දේවල් මටම කඩන්න වුනා කියන්න
ඒ දේවල් ඉෂ්ඨ කරන්න මට බැරි වුනා කියන්න
ඒත් ඒ අතීතෙ ඒ දේවල් වලට හේතු තිබ්බා
දැන් ඒවා කොහොමවත් වැඩක් නෑ
දැන් එයා ඉන්නෙ මගෙ ළඟමයි
මගෙ ඇස් මානෙමයි ඉතින් දැන් මට පුලුවන් එයාව බලාගන්න.එයාට එයාව දරාගන්න බෑ කියලා හිතෙන ඕනෙම වෙලාවක මට පුලුවන් එයා ළඟින් ඉදන් එයාව දරාගන්න එහෙව් එකේ මම කැමති නෑ එයා එක තත්පරේකට තනි වෙනවාට.එයා තනි වෙලා කියන සිතුවිල්ලවත් එයාගෙ හිතට එනවාට
ඉතින් ගෙදර ගිහින් සැනසීම නැති කරගන්නවාට වඩා එයාගෙ ළඟ ඉදගෙන නින්ද නැති කරගන්න එක ලේසි කියලා ඊයෙ රෑම මට හිතුනා.
නින්ද නැති කරගත්තාට සැනසීම මට තියනවානෙ ගෙදර ගියා නම් නින්දත් නෑ සැනසීමත් නෑ

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now