Wang Yibo's Pov
" ඔයාට ඔය ගමන මේ හදිස්සියෙ දාගන්නෙ නැතුව ඉන්න තිබුනා පුතා.මං ගිය සතියෙ ඉදන්නෙ කියන්නෙ feng අංකල්ලා හෙට එනවායි කියලා"
මමාගෙ කියවිල්ලත් එක්ක දැනුන ඔලුව කැක්කුම නිසාම මම අතින් නලල පිරිමැද්දා.
" feng අංකල්ලා ඇවිල්ලා යයි.මම ඉන්න ඕනෙ කියලා නීතියක් නෑනේ"
" නීතියක් නෑ කියන්නෙ? ඔයා හොඳටම දන්නවා මේ හැමදේටම හේ...."
" ප්ලීස් ආ....ඔය ඇති.
තවත් ඔය ගැන මාත් එක්ක කතා කරන්න එපා මම පැහැලිව කිව්වනෙ නෙහ්...මගෙ තීරණේ වෙනසක් නෑ.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න"මමා කියන්න ගියපු දේ නතර කරපු මම එහෙම කිව්වා.
" වෙන්න ඕනෙ දේවල් අපි පිළිවල කරලා ඉවරයි Yibo.අනික ඔයා හොඳටම දන්නවා මේවා මේ අද ඊයේ වෙච්ච දේවල් නෙවේ කියලා?"
" ඒවා මම දන්නෙ නෑ.මමත් අද ඊයේ නෙවේනෙ ඔය දෙන්නාට කියන්නෙ මගෙ දේවල් වලට මැදිහත් වෙන්න එපා කියලා ? ආයේ ආයේම මට මේ දේවල් මතක් කරන්න බෑ මේ මගෙ ජීවිතේ.මගෙ ජීවිතේ සම්බන්ද තීරණ ගන්න මට පුලුවන්"
මම ස්ථිර හඩින් එහෙම කිව්වෙ තරහව උපරීමට පාලනය කරගෙන.
" ඔයාට ඕන ඕන විදිහට නටන්න
ඔයාගෙ මමා පපා මැරිලා නෑනේ පුතා.මෝඩ වෙන්න එපා ළමයෝ.ඔයාට තවම මේවායෙ බරක්පතලක් නෑ.ඔයාටත් ඕනෙ gege වගේ අපේ න....""Enough is enough mrs.wang
ඔයාට බෑ මාව පාලනය කරන්න
ඔයාගෙ ඔය ඔලුවෙ තියන මනස්ගාත කරුණාකරලා ඔලුවෙන් අයින් කරන් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.කවදාහරි මම මැරි කරන්නෙ මට ඕනෙ කෙනාව"මම දත් මිටි කෑවා.ඇයි මේ මිනිස්සුන්ට මම කියන දේ නොතේරෙන්නෙ?
" ඔයාට කැමති කැමති දේවල් හිතුන හිතුන විදිහට කරන්න තිබුනා ඔයා කොහෙවත් යන හිඟන්නෙක් වුනා නම්.මතක තියාගන්න ඔයා අපේ පවුලෙ උරුමක්කාරයා.එහෙම එකේ ඔයාට බෑ හිතෙන හිතෙන තිරණ ගන්න.මමවත් පපාවත් ඔයාගෙ වෙන කිසිම දේකට මැදිහත් වෙන්න ආවේ නෑනේ පුතා.ප්ලීස් පපාව කේන්ති ගස්සන්න ලෑස්ති වෙන්න එපා"
" ඊයේ මගෙ birthday එක
ඔයාට එක එක මඟුල් වලට මට වැලනොකැඩී කෝල් ගන්න පුලුවන්.අඩුම ඔයාට මට විශ් කරන්න ඕනෙ කියලාවත් හිතුනෙ නැද්ද මමා?
එක අතකට මොකට විශ් කරන්නද?
මගෙ ජීවිතේ විනාස කර කර මොකටද විශ් කරන්නද? සිරාවටම මේක මගෙ කරුමයක්.
කරුම දෙමපියො හැටියාටත් එනවයි කියනවානෙ
මේක මගෙ කරුමෙ."