chapter 25

1.1K 180 20
                                    

Wang Yibo's pov

" මම දන්නෙ නෑ ඔයා ඔය කතා කරන්නෙ හදවතින්මද කියන්න
ඒ කොහොම වුනත් කිසිම දෙයක් නොදැන තව කෙනෙක්ගෙ හැඟීම් වලට ගරහන්න තරම් මම අමානූෂීය නෑ. ඔයා ඔය කියනවා වගේ හැඟීමක් ඔයාගෙ හිතේ ඇත්තටම තියනවා නම් මට කියන්න තියෙන්නෙ ඔයා මොනවා හිතන් හිටියාත් කවදාවත් මම ඒ දේට කැමති වෙන්නෙ නෑ කියන්න විතරයි.මොකද මම දැනටමත් තීරණේකට ඇවිත් ඉවරයි කවදාවත් රිලේෂන්ශිප් එකකට යන්නෙ නෑ කියලා."

"what is the reason
I mean රිලේෂන්ශිප් එකකට නොයන
මම හිතනවා ඔයාට හොඳ හේතුවක් ඇති කියලා"

" මම භාරගත්ත වගකීමක් තියනවා.ඔයා ඒ ගැන නොදන්න විදිහක් නෑ කියලා මම හිතනවා.
එයා මගෙ ජීවිතේ එක්ක බැඳිලා ඉවරයි.එයා මගෙ මුලු ජීවිතේම වෙලා ඉවරයි.මම ගන්න චූටි තීරණයකට පුලුවන් එයාගෙ මුලු අනාගතේම තීරණය කරන්න.මට ඕනේ එයාට ලස්සන ජීවිතයක් දෙන්න.
එයාගෙ අනාගතේ ගැනයි මම හිතන්නෙ ඒක
තමයි මට දෙන්න තියන එකම reason එක"

" ම්ම්...ඔය හේතුවට පුලුවන් කියලා හිතනවාද මාව නවත්තන්න"

" ඒක මම දන්නෙ නෑ
ඒක දන්නෙ ඔයානෙ.මම කලේ මගෙ පැත්තෙන් මගෙ අදහස කිව්ව එක විතරයි.කොහොම වුනත් මම බලාපොරොත්තු වෙනවා ආයේ ඔයා මේ විදිහට මට කරදරයක් වෙන එකක් නෑ කියලා.
මම මේ ඉන්න තැනට එන්න ගොඩක් මහන්සි වුනා.දන්න දවසෙ ඉදන් මට තිබ්බ එකම හීනේ doctor කෙනෙක් වෙන එක විතරයි.ඒ වෙනුවෙන් මම කැප කිරීම් ගොඩක් කරලා තියනවා.
කොටින්ම කිව්වොත් කට්ටක් කාගෙනයි මෙතනට ආවේ.මගෙ දරුවා හා සමානවම මම මගෙ ජොබ් එකට ආදරෙයි.මම මේක කරන්නෙ හිතේ සතුටින්. ඔයා දිගටම මේ විදිහට මෙතනට ඇවිත් විකාර විදිහට හැසිරුනොත් මට මගෙ ජොබ් එකත් එපා වෙයි.මහන්සි වෙලා ලබා ගත්ත දේ ඔයා නිසා එපා කරවගන්න මම සූදානම් නෑ.ඔයා නිසා නෙවේ කා නිසාවත්.
මම මගෙ අදහස ඔයාට කිව්වා ඔයා තේරුම් ගනී කියලා මම හිතනවා."

"මම ගත්ත තීරණයක් එහෙම ලේසියකට වෙනස් කරන මනුස්සයෙක් නෙවෙයි Xiao zhan
මට දෙයක් ඕනෙ වුනොත් ඕනෙම තමයි"

" මට කියන්න තියෙන්නෙ ඒකම තමයි Wang Yibo.මමත් ගත්ත තීරණයක් ලේසීයකට වෙනස් කරන මනුස්සයෙක් නෙවේ"

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now