🎼Chp 0️⃣1️⃣🎼

7.6K 410 93
                                    

..

..

..

සතියෙ දවස් හයම එක දිගට වැස්සා උනත් ඉරිදා විතරක් වැස්සක ලකුනු හොයාගන්නවත් බැරි තරමට ඉර එලියකින් වගේම වලාකුලු නැති නිල් පාට අහසකින් පිරිලා තිබුනා.....ඉතුරු දවස් ගාන හුස්මක් නොගෙන ඔෆිස්වලට දුවන වැඩිහිටියෝ අහස තරම් උස සිලබස් එකකින් බැට කන පොඩි ලමයි එක්ක ඒ ඒකාකාරි ජීවිතෙන් මිදෙන්න හැමදාම අදත් ඉරිදා දවස වෙන් කරලා තිබුනා....ඒ නිසාම කොතනටත් කලින් මුලින්ම බෙන්හායි පාර්ක් එක පිරිලා ඉතිරිලා ගිහින් තිබ්බා....ස්ට්‍රීට් ෆුඩ් විකුණන කඩවලට වගේම පොඩි පොඩි ගේම් ප්ලේනින් තැන්වලට නිවනක් නැති වෙනකොට පාර්ක් එකේ බංකු පවා මදි වෙලා ගොඩක් අය තණ ගොල්ලෙ බ්ලැන්කට්ස් දාන් වාඩි වෙලා හිටියා..පොඩි දරුවො මොකක් හරි සෙල්ලම් බඩුවක් උඩට උස්සගෙන එහෙට මෙහෙට දුවනවා....එයාලගේ හුරතල්ලුත් ඒ පස්සෙන්ම පන්නනවා..උන්ට හති වැටීමකුත් නෑ..ඒ දිහා බලන් ඉන්න වැඩිහිටියන්ට මහන්සියකුත් නෑ....සමහර වෙලාවට එකම ගෙදර ඉදලත් විදින්න බැරි , බෙදාගන්න බැරි හැගීම් වෙනුවෙන් ඉරොදා දවස කැප කරලා හුගක් පවුල්වල අය පාර්ක් එකේදි නිදහසේ ඒ හැගීම් ගලාගෙන යන්න ඉඩ දුන්නා.....ලෝකේ කාර්යබහුල කමත් එක්ක පවුලෙ අයට එයාලවම මොන තරම් මග ඇරෙනවද කියන්න මිට වඩා හිතන්න දකින්න දෙයක් තිබ්බෙ නෑ.... මොනතරම් ඕනකම තිබ්බත් කාටවත් ලෝක සොබාවය වෙනස් කරන්න බෑ..හැම කෙනෙක්ටම හැගීම් පැත්තකට දාලා ජීවිත් වෙන්න අරගල කරන්න වෙනවා.....

නොදැනීම මගෙ මූනෙන් හිනාවක් එලියට පැන්නා...පවුලෙ අය කිව්වත් මෙතන ඉන්න හැමෝම පවුලෙ අය නෙවෙනේ....ගස් ගල් අස්සෙ රින්ගන ඉස්කෝලේ යන වයසෙ සිඟිති කපල් ඇතුළුව තවත් බර ගානක් බංකු උඩ ඇලිලා වෙලිලා තුරුලු වෙලා හිටියා....ලෝකේ කඩන් වැටුනත් ගානක් නෑ...ගෙදර කෙනෙක් දැකලා කනෙන් ඇදන් යනාම් උන් උන්ගෙ ලෝකවල......ආදරේ කරනවට වැරැද්දක් කියනවා නෙවේ...ඒත් මෙතන ඉන්නවා ආදරෙයි ආකර්ශනයයි පටල ගත්ත පොඩි උන් ටිකක්...රූම් අස්සෙ ලගිනකම් උන්ට ඔය අමාරුව හොද වෙන්නෙ නෑ...ඊට පස්සෙ එනවා අරකයි මේකයි කියන් අත කපාගන්න....නැත්නම් ඉන්න එකා මදි වෙලා තවත් උන්ගෙ ඇගේ ඇලෙන්න....ඔහොම තම අඩු වයසෙන් ඉපදුනු උන්....නැත්නම් හරියට පවුල් පරිසරයක් නැති උන්....හිතන් ඉන්නෙ අත් දෙක පටලවන් රෝස මලක් දීලා චොක්ලට් එකක් දුන්නම ඊට වඩා දෙයක් නෑ කියලා ......ඒ උනාට ඉතින් එහෙමයි කියලා මට ඒ ජීවිතවලට මැදිහත් වෙන්න ඕන නෑ...එහෙම උනොත් වෙන්නෙ මගෙ ජීවිතේට තව කෙනෙක්ට මැදිහත් වෙන්න වෙන එක....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now