..
..
..
යමුයි කියලා පිටේ එල්ලුනත් මං කවදාවත් බයික් එකක ගිහිල්ලත් නෑ..ඒකත් මේ වගේ හොදම වර්ගෙ උපරිම වේගෙන් යන්න පුලුවන් එකක...මාත් එක්ක තියෙන තරහටමද කොහෙදෝ එයා හුලගට මාව විසි වෙලා යන තරම් වේගෙන් බයික් එක අරන් ගියා...හෙල්මට් එකක්වත් නැතිව හිටිය මං රිලා පැටියෙක් ගානට එයාගේ ඇගේම එල්ලිලා පුලුවන් තරම් හයියෙන් තද කරගත්තා...නැත්නම් මගෙ කෑලි හොයනවා බොරු...හෙල්මට් නෑ කියලා යීබෝ ඉන්න නිසා ට්‍රැෆික් පොලීසියෙන්වත් ඇල්ලුවෙ නෑ...බැරියර්ස් අයින් කරලා එයාලම අපිට යන්න දෙනකොට යීබෝ ලොකු කමෙන්ම ඒ ගොල්ලා ඔලුව පාත් කරන් හිටිය එකවත් ගනන් නොගෙන විදලා ගියා...අපි දෙන්න ගමන පටන් ගත්තේ ඉර බැහැගෙන යන වෙලාවෙ වෙනකොට අපි නතර වෙද්දි හොදටම කළුවර වෙල අහසෙ තරු පවා ගොඩක් මතු වෙලා තිබුනා ...මැරෙන්න ආස නම් වරෙන් කියලා කිව්ව විදිහට මං හිතුවෙඅපි යන්නෙ කැලයක් මැද්දෙ තියෙන අත ඇරල දාපු ලොකු විලා එකකටවත්ද කියලා....නෑ..මොන බොරුද...මේකා මාව එක්කන් ඇවිත් තිබ්බෙ මේ පලාතටම තිබුනු හොදම ක්ලබ් එකට...
..බැහැපන්..
එයා බයික් එක නතර කරලා හෙල්මට් එක ගලවනකම් මං ඉක්මනටම කරෙන් අයින් උනා...දාලා යයිදෝ කියලා මං යීබෝ ජැකට් එකේ කොනකින් අල්ලගත්තා..ඒක දැනුනත් නොදැනුනා වගේ යීබෝ කලේ කාටදෝ කතා කරලා යතුරත් එක්ක බයික් එක බාර දීපු එක...ඊට පස්සෙ අර රවාගත්ත හැගීමක් නැති ඇස්වලින් මගෙ දිහාවට හැරුනා...
..උබ දැගලුවේ මේකටනේ වරෙන් යන්න..
..ඒ...ත් මෙහෙ ඇයි...මැරෙන තරම් දේවල් මේකේ ඇතුලේ තියෙනවද..මේක කොච්චර ලස්සයිද අනේ....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....