..
..
..
..රෝස මලක්.....
මලක් විතරමද ..
ඔව් සමහර විට වෙන්න ඇති...
නැත්නම් ...
ඊට වඩා දෙයක් තියෙන්නත් ඇති ...
කටු නැති රෝස මල නටුව මැදින් කැඩිලා ඩස්ට්බින් එකකට වැටෙන්න ගත උනෙ තප්පරයයි.....පොඩි ලමයිගේ සද්ද බද්දත් එක්ක මගෙ යීහන් චූටි ඇගිලි එකට මිටි මොලවන් නින්දෙන්ම කෙඳිරි ගාන්න අරන් තිබුනා..ඒ අතට හිර උනු ලොලිපොප් එක තවමත් ඒ විදිහටම වෙනකොට අයින් කරන්න උත්සහා නොකර මං ඒ මූනට වැටුණු කොන්ඩෙ හැදුවා ...දාඩියත් දාලා......
නින්ද කැඩුනොත් එයා අඩන්න ගන්න නිසා ඊලගට තියෙන මීටින්ග් එකට යන්න බැරිවෙයි කියන ගමන් මං පාත් වෙලා එයාගේ ඉන හරියට යාන්තමට වගේ තට්ටු දැම්මා....ඇහැරෙන්න දගලන ගමන් එයා තව තව කෙඳිරි ගාද්දි මං තව ටිකක් තට්ටු දැම්මා...මට බයයි ඇහැරෙයි කියලා..මේ පොඩි උන්ගෙත් පුදුම සද්දයක් තියෙන්නේ ...වෙන තැනකට යන්නෙත් නෑ එකම තැන කැරකෙනවා...පොඩි අය නිසා මොනවත් කියන්නත් බෑ....
..ශ් ශ්..යීහන්..මගෙ පුතා දොයියන්නකෝ....
එයාට තට්ටු දාන ගමන් මං ගාඩ් කෙනෙක්ට ළමයි ගැන පොඩ්ඩක් බලන්න කියලා ඉගී කලා...බය කරන්න නෙවේ එයාලව එක තැනකට එකතු කරන්න උදවු කරන්න....මේ සද්ද අස්සෙන් යීහන්ව කොහොමත් අරන් යන්න බෑ...එයා කොයිවෙලාවෙ ඇහැරෙයිද කියන්න බෑ....
..මිස්‍ටර් වන්ග්..
..ආහ්..ඔව් මිස්‍ටර් ශින්...
..මොනාහරි ප්‍රශ්නයක් ද..උදවු මොනාහරි ඕනද....
..නෑ මිස්‍ටර් ශින් ඇහුවට තෑන්ක්ස් ...
ශොපින් මෝල් එකේ ඕනර් ඒ එක්කම ලගට ඇවිත් කතා කරද්දි මං හිනාවක් විතරක් දුන්නා....මගෙ අවදානේ මට යීහන්ගෙන් පිටට යවන්න ඕන උනේ නෑ....ඒක තේරුම් අරන් වගෙ එයත් යන්න යද්දි...අඩුවෙලා යන පොඩි අයගේ සද්ද එක්කම මං දිගින් දිගටම මගෙ වස්තුවට තට්ටු දැම්මා..
..යීහන්...දොයියන්නකො ම්ම්..
..ම්ම්හ්හ්....
..දොයියන්න වස්තුව ....බඩ පිරෙන්න කාලා ඉතින් මගෙ මැනිකට මහන්සීනේ....ම්ම්...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....