..
..
..
මගෙ මිනිහට මං ගැනවත් , බඩේ ඉන්න දරුවා ගැනවත් ගානක් නෑ...මාව ඔහේ මැරෙන්න අතෑරලා වගේ හොස්පිටල් එක ගාවින් දාලා යන්න ගියා....මට ඉතුරු උනේ මං හිතින් බැන බැන හිටිය ටකාශි කොල්ලා විතරයි...කිව්ව බොරු තොගේටම ඒකා මට පුදුම විදිහට යාලුවෙක් තරම් ෆිට් වෙලා හිටියා..යාලුවෙක්ටත් වඩා සහෝදරයෙක් විදිහට එයා ඇවිදින්න බෑ කියලා හිතන් ඇගට වාරු කරන්ම බෙහෙත් දාගන්න අරන් ආවා....ඒ උනාට මගෙ ඇස් සැරින් සැරේම ගියෙ පිටිපස්සට.. කොච්චර බලන් හිටියත් යීබෝ ආවෙ නෑ....මං මේ තරම් අමාරුවක් පෙන්නලත්, මැරෙන්න වැටිලා වගේ රගපෑවත් ඒකට ගානක්වත් නෑ....කුණු මාලු කෑල්ලක් ගානට මාව අතඇරලා යන්න ගියා...අඩුම ගානේ මං දිහා බැලුවෙවත් නෑ....මනුස්සකමට අමාරුයිද කියලවත් ඇහුවද...ඒ...ත් නෑ...මහ මොකෙක්ද මන්දා...මට මේ කරපු අපරාදෙට ඕකට පාට හතෙන් පැය හතක් බඩ යන්න ඕන....හප්පපු පාරට නැගිටගන්න බැරිව මං හිටියා වගේ ඒ පැය හතම කොමඩ් එක උඩ ඉදන් ඉන්න ඕන....හුහ්...හිතන් ඇති ආදරේ කරපු පලියටයි, මගෙ දරුවගෙ තාත්තා උනු පලියටයි මං අනුකම්පා කරයි කියලා....මිනිහා නෙවේ දරුවා උනත් කරපු වැරැද්දට දඩුවම් විදින්නම ඕන.ආදරේ උනාට මට පවුනේ කියලා කරන හැම රෙද්දටම කට පියන් ඉන්නත් බෑනේ....
..මල් කොල්ලො අපි ටෙස්ට් එකක් කරගමු...බබාට මොනාහරි ප්‍රශ්නයක් වෙලාද දන්නෙ නෑනේ...
ටකාශි කියද්දි මගෙ කට ඇද උනා....මහ ලොකුවට හොස්පිටල් ආවට මොකෝ හරියට ටෙස්ට් එකක් කලොත් අහුවෙනවා මගෙ බඩට ගහන්නෙ දරුවෙක් නෙවේ පනුවෙක් කියලා..ඒක අහු උනා කියන්නෙ ඉතින් මං කරන්න හිතන් ඉන්න හැම ප්ලෑන් එකක්ම ශකබුම් වෙලා යනවා.....ඊටත් වඩා මට වෙඩි කන්න උනොත්...දෙයියනේ......අනේ මට නම් බෑ පවුල් කන්න හීන මවන් ඉදලා වෙඩි කන්න....ඒකත් බ්‍රහ්මචාරි වෙලා කොහොමටවත් බෑ...
..මේ ටකාශියෝ..ඔයා යන්න..මං තනියම කරගන්නම්...
..මොනාද මේ කියන්නේ...මං කොහොමද තනියම දාලා යන්නේ ආ..හ්..පිස්සු කතා කියන්න එපා...මන් ඔයාගේ වගකීම ගත්තනේ ජාන්...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....